මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෝල්පුරම් සිවිල් වැසියන්හට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදෙයි

    ඔක්තෝබර් 22, 2018

    යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් පසුගිය දා (18) යාපනය තෝල්පුරම් ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසකගේ දිලිඳුකම සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදි.

    යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් ධානපතීන්ගේ ද සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලැබීය.

    යාපනය ආඥාපති ඇතුළු යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් තෝල්පුරම් ප්‍රදේශයේ සංචාරයකද නිරතවූ අතර එහිදි පාසල් සිසුන් සඳහා පාවහන් සහ පාසල් බෑග් බෙදාදෙනු ලැබීය.

    තවද පෙර පාසල් ළමුන් සඳහා පොත් පැන්සල් ද, ගම්මානයේ වැඩිහිටියන් 15 දෙනෙකු සඳහා වියළි ආහාර පාර්සල් හා දිලිඳු පවුල් 10 ක් සඳහා ඇඳුම් තොගයක් ද පරිත්‍යාග කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya