මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්පානය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සේ ම මද්‍යසාර ගැන ද වැඩපිළිවෙළක් Featured

    ජූලි 22, 2014
    ජාතික හා අන්තර්ජාතික වශයෙන් දුම්පානය හා මද්‍යසාර පිළිබඳ අවධානය යොමු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය අද ලොව පුරා එයට විරුද්ධව පුළුල් වැඩපිළිවෙළක් ගෙන යන බවත් 2014 දෙසැම්බර් 31න් පසු සෑම සිගරැට් පැකට්ටුවකම පිළිකා රෝගය පිළිබඳ සෞඛ්‍ය අවවාද අනිවාර්යෙන් ම ඇතුළත් කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පෙරවරුවේ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හා IOGT ජාත්‍යන්තර සංවිධානය එකමුතුවෙන් අද සිට ලබන 25 දින දක්වා කොළඹ කිංස්බර් හෝටලයේ පැවැත්වෙන කලාපීය රටවල් කිහිපයක වැඩමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි. මෙම උත්සවය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

    සදාචාර සම්පන්න, විනය ගරුක සමාජයක් ගොඩනැගීමට අප කටයුතු  කරමින් සිටී. මත්ද්‍රව්‍ය නිසා අභියෝගයක් මෙන් ම රෝගීන් බවට මිනිසුන් පත්වීම සමාජයට සිදු වන හානියකි. මත්ද්‍රව්‍ය නිසා සමාජයට බරපතළ හානියක් ඇතිවීමේ පසුබිමක් තිබේ. රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ජාතික හා අන්තර්ජාතික වශයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වැඩපිළිවෙළවල් රාශියක් ක්‍රියාත්මක කරමින් පවතින බව ද ඔහු පැවසීය.

    පසුගිය අවුරුදු 2 පුරා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගෙන ගිය සටනින් ජයග්‍රහණය කිරීමට අපට හැකි විය. මත්ද්‍රව්‍ය ජාතියෙන් තුරන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ රජය මතට තිත ජාතික වැඩසටහනට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශයත් කටයුතු කරමින් පවතී. 2012දී නිකුත් කළ ගැසට් නිවේදනය අනුව දුම්පානය පිළිබඳ රූපමය සෞඛ්‍ය අවවාද 80%ක් සිගරැට් පැකැට්ටුවේ ඇතුළත් කරන ලෙස දැන්වුවත් දුම්කොළ සමාගම් ඊට විරුද්ධව අධිකරණයට ගියා. අධිකරණය මහජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් වසර 02කට පසු පසුගිය මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය 60%ක සිගරැට් පැකැට්ටුවේ රූපමය අවවාද ඇතුළත් කරන ලෙස අනුමැතිය දුන්නා. මේ පිළිබඳ කනගාටුදායක කරණ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ක් සහිත පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් 80%ක ප්‍රතිශතය 60% දක්වා අඩුවීමයි. නමුත් අධිකරණ තීන්දුව ගැන සතුටු බවත් ඔහු අවධාරණය කළේය.

    අප ආරම්භ කළ මේ සටන නවත්වන්නේ නැහැ. 80%ක් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඒ සටන 80% දක්වාම ගෙන යාම බලාපොරොත්තුවයි. අපේ රටේ දුම්පානය නිසා මිය යන රෝගීන්ගේ භාරකරුවන්ට අධිකරණයේ පෙනී සිට දුම්කොළ සමාගම්වලට විරුද්ධව වන්දි ඉල්ලීමට අවශ්‍ය මගපෙන්වීම සිදු කරන බවත් ඒ සඳහා වෛද්‍ය සහතිකය නියමිත ලෙස ඉදිරිපත් කිරීමට දැනුවත් කරන බවත් ඔහු අවධාරණය කළේය. 

    මේ සමුළුව මඟින් ද රට තුළ ජාතික වශයෙන් දුම්කොළ හා මත්ද්‍රව්‍යවලට එරෙහිව පුළුල් වැඩපිළිවෙළක් ගෙන යා හැකියි. දුම්පානය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කළා සේම ඉදිරියේදී මද්‍යසාර සම්බන්ධයෙන් ද මෙවැනි වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya