මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් රජය මව්බිමත් රාජ්‍ය ආයතනත් ස්ථාවරත්වයට පත් කළා Featured

    ජූලි 22, 2014
    අස්ථාවරත්වයෙන් පැවති මව්බිම ස්ථාවරත්වයට රැගෙන ආ වත්මන් රජය අස්ථාවරව තිබූ රාජ්‍ය ආයතන ස්ථාවරත්වය කරා රැගෙන එමින් එම රාජ්‍ය ආයතනවල සේවක මහත්ම මහත්මීන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට කටයුතු කළ බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන් 151 දෙනෙකු සඳහා  ස්ථීර පත්වීම්, තනතුරු නාම ලබාදීම සහ සේවක උසස්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට  ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මෙම උත්සවය අද (22) ශ්‍රී ලංකා රාජ්‍ය  ඉංජිනේරු සංස්ථා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    “ මහින්ද චින්තන ඉදිරි දැක්ම ” යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. මේ යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවයේ නියුතු ඉංජිනේරුවන්, වාස්තු විද්‍යාඥයන් ඇතුළු සේවක මහත්ම මහත්මීන් 78 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කෙරිණි. මීට අමතරව තනතුරු නාම 65ක් සහ ඉංජිනේරුවරුන් 08 දෙනෙක් සඳහා උසස්වීම් ද මෙහිදී ප්‍රදානය කරන ලදී.
     
    එමෙන්ම වසර 48 කට පසුව මුළුමනින්ම නවීකරණය කරන ලද ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල සහ එහි ශ්‍රවණාගාරය විවෘත කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එහි ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස සංවර්ධන) කේ. ඒ. තිලකරත්න, එහි අතිරේක ලේකම් (පාලන) බී.ජී. එස්. ගුණතිලක, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, එහි උප සභාපති අකිල සාලිය එල්ලාවල, එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් මුසම්මිල් යන මහත්ම මහත්මීන්, නිලධාරීන් සහ පත්විම්ලාභීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya