මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාම්ප‍්‍රදායික අධ්‍යාපනය තුළින් බිහිවන්නේ රැකියා විරහිත උගතුන් Featured

    ජූලි 22, 2014
    ජාතික ආදායමෙන් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ප‍්‍රබල ඉල්ලීමක් පවතින බවත් අපේ රටේ සාම්ප‍්‍රදායික අධ්‍යාපනය තුළි බොහෝ සෙයින් බිහිවෙන්නේ රැකියා විරහිත උගතුන් නිසා අවශ්‍ය අධ්‍යාපන ක‍්‍රමයේ වෙනසක් බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
     
    එසේ නොමැතිව අධ්‍යාපනයට 60%ක් වෙන් කළත් සිදුවන්නේ ලිප්ටන් වටරවුම, පිටකොටුව දුම්රිය ස්ථානය පිරෙන එක පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    ආංශික නිපුණතා සංවර්ධන වැඩසටහන යටතේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සහ ශ‍්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ උපදේශකයින්ගේ කාර්යය සාධනය මත පදනම්ව සේවා ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් අද (22)  මහරගම පැවති වැඩමුළුවේදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. 
     
    "1994 රජයේ කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍ය, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සිට මේ ක්ෂේත‍්‍රයේ සියලු අමාත්‍යවරුන් කාර්මික අධ්‍යාපන විෂය නඟාසිටුවන්නට කැපවී තිබෙනවා. වත්මන් අමාත්‍යවරයා ලෙස මම වඩාත් වාසනාවන්ත වන්නේ රාජ්‍ය නායකයාට එම වුවමනාව තිබෙන අවස්ථාවේ ඇමතිවරයා වීම නිසයි. මේ ක්ෂේත‍්‍රයේ කටයුතු කරද්දී සෑම අයෙකුටම මව්බිම, තමන්ගේ පවුල මෙන්ම පුරවැසියාගේ වගකීම ඉටුකරන්න සිදුවෙනවා".  
     
    "අද වන විට රාජ්‍ය සේවය මේ රටේ ශක්තිමත්ම ආයතනය බවට පත්වෙලා. මේ වන විට රාජ්‍ය සේවය මිලියන 1.2ක්. සෑම වසරකම ජූලි මාසය රාජ්‍ය සේවකයා හොඳින් මතක තබාගත යුතු මාසයක් ලෙසයි, මම හිතන්නේ. 1980 ජූලි 19 වෙනිදා රාත‍්‍රියේ ජීවන වියදමට රුපියල් 10ක් ඉල්ලපු ලක්ෂ ගණනක් රාජ්‍ය සේවකයින් එළියට දමනවා. ලංගම, දුම්රිය, සේවකයින් මේ වැඩ වර්ජනයෙන් බුරුතු පිටින් එළියට දාලා පෝස්ටර් ගහපු, කොඩි දාපු, ඡන්දෙට කැන්වසින් ගියපු එදා දේශපාලනඥයන්ට හිතවත් අයගෙන් මේ ආයතන පිරෙව්වා. ලංගම, දුම්රිය කඩා වැටීම ආරම්භ වුණේ, එදා සිටයි". 
     
    වත්මන් රජය යටතේ රාජ්‍ය සේවය පුළුල් කිරීමත්, ශක්තිමත් කිරීමත් සිදුකරමින් පවතින බවත් ඇතැම් පුද්ගලයින් මෙය ජනාධිපතිතුමාගේ දුර්වලකමක් ලෙස දකින බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    2020 වන විට වෘත්තීය තාක්ෂණ ක්ෂේත‍්‍රයේ පළමු පශ්චාත් උපාධිධාරියාත්, ආචාර්ය උපාධිධාරියාත් බිහිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශ ලේකම් බී. විජයරත්න, අතිරේක ලේකම්, ඒ.ආර්. දේශප‍්‍රිය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති, චන්දන අරුණදේව යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. 
     
    DB
     
    4r 05
     
    4r 06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya