අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාරතීය ජනතා පක්ෂ නායකයෝ ඇමති බැසිල් හමුවෙති

    ජූලි 22, 2014
    යුද්ධයේ නිමාවත් සමඟ උතුරේ කෘෂි කර්මාන්තය දියුණු කිරීම යටතේ උතුරේ තිබුණු සියලු කුඹුරු අස්වැද්දීමට පියවරගත් අතර වාරිමාර්ග නැවත ගොඩනගමින්, පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින්, විශාල යටිතල පහසුකම් සංවර්ධනයක් රජය මගින් සිදුකළ බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ ක‍ළේය.
     
    අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ භාරතීය ජනතා පක්ෂයේ ක්‍රමෝපාය කාර්යය කමිටුවේ සභාපති සහ මධ්‍ය රජයේ හිටපු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ඇතුළු ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද (22) ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දී හමු වූ අවස්ථාවේදීය. 
     
    මෙම දූත පිරිසට භාරතීය ජනතා පක්ෂ සාමාජිකයින් වන ආචාර්ය සුරේෂ් ප්‍රභාකර් ප්‍රභූ (Dr. Suresh Prabhakar Prabhu), ආචාර්ය චාරි සේශාද්‍රි රාමනුජන් (Dr. Chari Seshadri Ramanujan), ආචාර්ය ස්වාපන් දාස්ගුප්තා (Dr. Swapan Dasgupta ) සහ මහාචාර්ය මාධව් නලපත්  (Prof. Madhav Nalapat) ය.
     
    ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු නඟාසිටුවීමට ඔවුන්ගේ පූර්ණ සහය ලබාදෙන බවට ප්‍රකාශ කළ ඉන්දීය නියෝජිතයෝ යටිතල පහසුකම් දියුණුවීම හේතුකොට ගෙන ඉන්දීය ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු ඇරඹීමට උනන්දුවක් දක්වන බවද පෙන්වා දුන්හ.
     
     
    මෙහිදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් උතුරේ අවතැන් වූ ජනතාව දින 180ක් ඇතුළත නැවත පදිංචි කිරීමට රජයට හැකි වූ බවයි. බිම් බෝම්බ ඉවත් කිරීමේ ඉලක්කයන් කෙටි කාලයක් ඇතුළත සපුරා ගැනීමටද සමත් වූ බවත් උතුරු පළාත් සභාව සමඟ සහයෝගයෙන් වැඩකිරීමට රජය නිරතුරුව කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.
     
    ඉන්දීය සහය මත දුම්රිය මාර්ගය යාපනය දක්වා නැවත ඉදිකිරීම, යාපනයේ අංග සම්පූර්ණ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීම, පලාලි ගුවන්තොටුපොළ ‍පුළුල් කිරීම, නිවාස 50,000ක් ඉදිකිරීම ඇතුළු වැඩසටහන් ගණනාවක් උතුරේ ක්‍රියාත්මක වන බව පැහැදිලි කළ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ඉන්දීය රජයට සහ ජනතාවට ඒ පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය.
     
    ශ්‍රී ලංකාවේ ප්‍රශ්න පිළිබඳ ව නියම අවබෝධයක් තමන් වෙත ඇතැයි මෙහිදී අවධාරණය කළ භාරතීය ජනතා පක්ෂ‍යේ ක්‍රමෝපාය කාර්ය කමිටුවේ ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා කියා සිටියේ උතුරු නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, අධ්‍යාපන සේවය නඟාසිටුවීම, ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම පිළිබඳ ව රජය ගෙන ඇති ක්‍රියාමාර්ගයන් තමන් ඉහළින්ම අගය කරන බවය.
     
    මෙම සාකච්ඡාවට පරිසර සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාවසාය සංවර්ධන ආමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක සින්නතුරෙයි තවරාසා, ජනාධිපති උපදේශක ආචාර්ය සුනිමල් ප්‍රනාන්දු, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරු ද සහභාගි වූහ.
     
    DB
     
    MP BR MET BJP 1
     
     
    MP BR MET BJP 2
     
    MP BR MET BJP 3
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya