අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    රට තුළ පිරිසිදු විනිවිද පාලනයක් සඳහා පාර කපා තිබෙනවා- එදා තොරතුරු පනතට කෑ ගහපු අය අද තොරතුරු පනතින් තොරතුරු අරගෙන අපෙන් ම ප්‍රශ්න අහනවා

    සැප්තැම්බර් 28, 2018

    කොන්ද කෙළින් තියාගෙන රට ඉදිරියට ගෙන යන තරුණ පරපුරක් අවශ්‍යයි.එදා තොරතුරු පනතට කෑ ගහපු අය අද තොරතුරු පනතින් තොරතුරු අරගෙන අපෙන් ම ප්‍රශ්න අහනවා. රට තුළ පිරිසිදු විනිවිද පාලනයක් සඳහා පාර කපා තිබෙනවා යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසී ය.

    සැප්තැම්බර් 28 දිනට යෙදෙන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වෙන ''තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය'' අද (28) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති අතර ඊට එක්වෙමින් අමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ ය.

    සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතා සහභාගී වූ අතර සමුළුවේ විශේෂ දේශනය පවත්වනු ලබන්නේ, සමාජ දේශපාලනික ක්‍රියාකාරිනියක වන අරුණා රෝයි මහත්මිය විසින් පවත්වනු ලබයි.

    සැප්තැම්බර් 28 වැනිදා ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය හැටියට හැදින්වීමෙන් පසුව, අද මෙවැනි  සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීම ගැන සතුටු වෙනවා. විශ්ව සම්මුතිය හරහා මුළු ලෝකය පිළිගෙන තිබුණත්, පසුගිය දසකයන් වැනි කාලය තුළ මේ ලෝකයේ බොහෝ රටවල් මෙම සම්මුතිය තම රටවල්වල සම්මත කරගත්තා. පසුගිය අවුරුදුවල තොරතුරු පනත සම්මත කළ රටවල් පස් ගුණයකින් වැඩි වුණා. ශ්‍රී ලංකාව මෙම තොරතුරු පනත ගේන්න විශාල සටනක් කළා. වර්තමාන කතානායකතුමා, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස සිටිය දී පනත සම්මත කරන අරගලයට නායකත්වය දුන්නා.

    එතුමා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට බාර දුන්නා. එවකට පාලකයන් එතුමාට කෑ ගහලා, පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්නවත් ඉඩක් ලබාදුන්නේ නෑ.

    2016 දී නව රජය පත්වීමත් සමඟ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම අපේ ප්‍රමුඛ බලාපොරොත්තුවක් වුණා.ඒ අනුව මෙම පනත 2016 දී සම්මත වුණා.

    මේ වනවිට තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයේ රටේ ජනතාවගේ දැනුම වැඩි වෙලා එයින් ලබා ගත හැකි වාසි සම්බන්ධයෙන් දැනුවත් වී තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත කොයිතරම් සාර්ථක වුණා ද
    කිව්වොත්, අද බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු, එදා කරූ ජයසූරිය මන්ත්‍රීතුමාට කෑ ගහපු මන්ත්‍රීවරු ම අද තොරතුරු දැනගෑනීමේ පනත අනුව තොරතුරු දැනගෙන අපෙන් ම ප්‍රශ්න අහනවා.මේක  එපා කියපු අය උපරිම ප්‍රයෝජනයට ගන්නවා.

    මේ රටේ හෑම පුරවැසියෙකුට මෙහි වාසිය ලබාගන්න පුළුවන්. තොරතුරු දැනගැනීමේ පනත දේශපාලඥයින්ට පමණක් නොව වෙනත් සියලු නිලධාරීන්ට ම ගන්නා සෑම  තීන්දුවකම විනිවිදභාවයක් තිබෙන්නට අවශ්‍යයි කියන එක හැම වෙලාවෙම සිතේ තිබෙනවා. තමන් ගන්නා  තීන්දුව,ගැන ප්‍රශ්න කරන්නට පුළුවන් කියන එක හොඳින් දන්නවා.

    ගමේ පාරක් හදන්න ටෙන්ඩරයක් දෙනවා නම්,ඒ සම්බන්ධව ගමේ සිටින කෙනෙක් තොරතුරු දැනගැනීමේ  අයිතිය සම්බන්ධයෙන් ඉල්ලීමක් කළොත් සියලු විස්තර ලබාදෙන්න අවශ්‍යයි කියලා දන්නවා. ටෙන්ඩරය ලැබිය  යුත්තාට ලැබුණද කියලා දැනගන්න පුළුවන් අයිතිය තිබෙනවා.ඒ නිසා මේ රට තුළ පිරිසිදු විනිවිද පාලනයක්  සඳහා පාර කපා තිබෙනවා.

    ජනමාධ්‍යවේදීන්ටත් මේ තුළින් ඕනෑම තොරතුරක් ගන්න පුළුවන්.පනත තිබියදීත් බොහෝ ජනමාධ්‍යවේදීන් ඕදූප  ලියලා,තොරතුරු දැනගැනීමේ පනතින් දැනගන්නේ නැතිව ලෙසියෙන් ඇහෙන දේ ලියනවා. මේ පනතෙන්  කාටවත් බොරු ලියන්න ඕන නෑ. තමන්ට කරුණු එක්ක සනාථ කරගන්න පුළුවන්.එවැනි වාතාවරණයක් ඇති කර තිබෙනවා. මෙම තොරතුරු දැනගැනීමේ පනත ගැන මීට වඩා දැනුවත් කර තමන්ට අවශ්‍ය තොරතුරු දින  14ක් ඇතුළත ලබා දෙන්නට මේ පනත යටතේ බැදී සිටිනවා.

    මෙම පනත පිළිබඳව දැනුවත් කරන්න මාධ්‍ය අමාත්‍යාංශය හරහා විශාල වැඩකොටසක් කරගෙන යනවා. සැමෝම සහභාගී වන තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යමු කියලා,යෝජනා 

    කරනවා.

    දෙන හැම සහතිකයටම කොන්ද නවන සංස්කෘතිය නවත්වන්න අවශ්‍යයි. කොන්ද කෙළින් තියෙන දරුවන් වැඩිහිටියන් ඉන්න රටක් නිර්මාණය කරන්න ඕන.වදින්න ඕන කාට ද කියලා අපි දැනගන්න  ඕන.දේශපාලඥයන්ට වදින්න ඕන නෑ. කොන්ද නවන්න ඕන නෑ. කුඩා දරුවන්ගේ ඉදලා පුරුදු කරන්නේ හැම  දේශපාලඥයින්ට පෙරළි පෙරළි වදින්නයි. වදින්න තරම් දෙයක් කරලා තියෙනව ද කියලා දන්නෙත් නෑ.මම  දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.දකින්න කැමැති කොන්ද කෙළින් තියාගෙන රට ඉදිරියට ගෙන යන තරුණ  පරපුරක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා පැවසී ය.

    මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය 

    ආර්.එච්.එස්. සමරතුංග මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම් ) තිලකා ජයසුන්දර මහත්මිය, තොරතුරු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා, රජයේ
    ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා,ඇතුළු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රජයේ නිලධාරීන්,පාසල් සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේ ය. 

    ඡායාරූප- ලක්සිරි අල්විස්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya