මෙම සංවත්සරය සැමරීමේ උත්සවය ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ශ්‍රවණාගාරයේදී හෙට පෙ.ව. 10.00ට ආරම්භ කෙරේ.
මෙහිදී ළමා අපයෝජනය පිළිබඳව ජාතික දත්ත පද්ධතියක් ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇත.මෙම අවස්ථාවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනි නීතිඥ සුජාතා කුලතුංග යන මහත්ම මහත්මීන් රැසක් සහභාගී වීමට නියමිත වේ.
ECB