මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගව මුඛ හා කුර රෝග ව්‍යාප්තියේ අඩුවීමක්

    ජූලි 22, 2014

    පසුගිය කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පැවති ගව කුර හා මුඛ රෝග ව්‍යාප්තියේ අඩුවීමක් මේ වන විට වාර්තා වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.ආර්.ටී.ජී.රත්නායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    රෝග ව්‍යාප්තිය සුළඟින් හා ජලයෙන් සිදු වන අතර, මෙය වෛරස් ආසාදිත තත්ත්වයක් වන බව පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ රෝගය මැඬ පැවැත්වීම සඳහා අවශ්‍ය එන්නත් ලබාදීම තුළින් සාර්ථක ලෙස ගව මුඛ හා කුර රෝගය පාලනය කළ හැකි වූ බවයි. දැනට දිවයින පුරා රෝගී සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ යහපත් බවක් දක්නට ලැබෙන බවත්, කෙසේ නමුත් තවදුරටත් ගාල්ල දිස්ත්‍රික්කයේ සතුන් 150ක් පමණ රෝගී තත්ත්වයේ පසු වන බවට වාර්තා වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    මෙම තත්ත්වයද තව දින කිහිපයකින් හොඳ අතට පත්වනු ඇති බව පැවසූ ඩී.ආර්.ටී.ජී.රත්නායක මහතා තවදුරටත් පැවසුවේ, රෝගය වැළඳුන සතුන් වෙනුවෙන් එන්නත් ලබාදීමක් හෝ ප්‍රතිජීවක ඖෂධ ලබාදීමක් සිදු නොකරන බවයි. මෙවැනි රෝගයක් වාර්තා වූ වහාම එවැනි සතුන් සිටින ස්ථානයේ සිට කිලෝ මීටර් තුනක් දුරින් ජීවත් වන රෝගය නොවැළඳුන සතුන් වෙනුවෙන් මෙම එන්නත් ලබාදීම සිදු කෙරේ.

    මෙම වෛරස් රෝගය වැළඳුන සතෙකුගේ ශරීරයෙන් සති දෙකක වැනි කාලයක්  තුළ ඉබේම රෝග තත්ත්ව පහව යන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය. යම් හෙයකින් මෙවැනි සතෙකුගේ පාවල තුවාල හට ගැනීමක් සිදු වුවහොත් එවැනි සතුන්ගේ තුවාල සඳහා කොහොඹ තෙල් වැනි දෑ යෙදීම තුළින් තුවාල තුළ පණුවන් හට ගැනීම වළක්වා ගත හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya