අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සත්‍ය මරා දමා මතු පරපුර මරා නොදමන්න

    ජූලි 22, 2014

    මෙරට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය හා නිදහස් ඡන්ද ක්‍රමය වෙනුවෙන් අපේ ස්වාමීන් වහන්සේලා කළ සේවය අනූපමේයය. මෙරට නිදහස් සර්වජන ඡන්ද අයිතිය ලබාදීමට භික්ෂුන් වහන්සේලා ක්‍රියාකිරීම මෙරට ඉතිහාසයේ මහ පෙරළියක් කළ සිදුවීමක් විය. එහිදී සිංහල භික්ෂු වංශයේ කාර්ය භාරය තීරණාත්මකව වෙනස් කළ චරිතයක් ලෙස වල්පොල රාහුල ස්වාමීන් වහන්සේ හඳුන්වාදිය හැකි බව අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කර සිටී.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ වල්පොල රාහුල ස්වාමීන්වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් ඊයේ (20) ධර්ම විජය පදනම් ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙරටට සර්වජන ඡන්ද ක්‍රමය හඳුන්වාදීමට සූදානම් වූ අවස්ථාවේ රටේ සම්ප්‍රදායික දේශපාලන පවුල්වල ජාතික නායකයන් මෙම සර්ව ජන ඡන්ද අයිතියට එරෙහි වූ අතර ජාතික සංගමයේ සිටි සේනානායකලා රාමනාදන්ලා සියලුම දෙනා සර්වජන ඡන්ද අයිතිය අපේ ජනතාවට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව, කුල මල භේදයකින් තොරව ලැඛෙනවාට විරුද්ධ වූහ. එකල මුස්ලිම් ව්‍යාපාර එකතුවී කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා නොදිය යුතු යැයි විශාල විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ අතර එම උත්සාහය අපේ ස්වාමීන් වහන්සේලා මැදිහත් වී මැඬලීය.


    ජාතික ව්‍යාපාරයේ තීරණාත්මක කඩඉම සකස් කළේ වල්පොල රාහුල ස්වාමීන් වහන්සේය. අද බුද්ධිමත් යැයි කියනා පිරිස්, විශේෂඥ යැයි කියනා පිරිස් ප්‍රකාශ කරන්නේ භික්ෂු ශාසනයේ පිරිහීමට මුල් වූයේ වල්පොල රාහුල ස්වාමීන් වහන්සේ භික්ෂුවට දේශපාලනය කිරීම කැප යැයි ලියූ කෘතියත්, විද්‍යාලංකාරයේ යක්කඩුවේ ප්‍රඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ වැනි භික්ෂූන් වහන්සේලා ගෙනගිය අරගලයන් නිසාය. එය අමූලික අසත්‍යයකි. ශ්‍රී ලාංකීය භික්ෂු වංශය සෑම අවස්ථාවකම රටේ ඒකීය භාවය හා රට රැකගැනීම සඳහා ධාර්මිකව ඉදිරිපත් වී තිබේ.

     

    අපේ ඉංග්‍රීසි ජනමාධ්‍යවල, පුවත්පත්වල, වෙබ් අඩවිවල බොහෝ දෙනෙක් අද බෞද්ධයන් කෝප ගැන්වීමට ඒ තුළින් ගැටුම් අවුළුවීමට උත්සාහ දරමින් සිටී. අද මේ රට තුළ බෞද්ධ ත්‍රස්තවාදයක් නැති බව බොහෝ දෙනෙක් දන්නා නමුත් ඇතැම් අන්තවාදී මාධ්‍යවේදීන් උත්සාහ දරන්නේ බෞද්ධ ත්‍රස්තවාදයක්, භික්ෂු ත්‍රස්තවාදයක් අද මේ රට තුළ ඇති බව පවසා ජනතාව තුළ බියක් පැතිරවීමටයි. අලුත්ගම සිදු වූ සිදුවීම නිවැරදිව වාර්තා නොවුණ නිසා අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේ යක්ෂාවේෂ පිරිසක්ය යන මතය ලෝකය පුරා පතුරුවාලීමට මේ පිරිස් කටයුතු කළහ. අද ජනමාධ්‍යයත් හලාල් කරණයට ලක් වී තිබේ. මුස්ලිම්වරුන්ට පක්ෂ නොවන ජනමාධ්‍ය වර්ජනය කිරීමට අද මුස්ලිම් ජනයා පෙළඹී තිබේ. අද මේ සඳහා ශූරා, ජමියතුල්ලා උලෙයිමාන් වැනි කවුන්සිල බිහිවී තිබේ. ජිහාඩ් ගොබෙල්ස්වාදයෙන් රට රැක නොගතහොත් අනාගතයේ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ලේ වලින් වන්දි ගෙවන්න සිදුවන බව අමාත්‍යවරයා පැවසීය.

     

    අලුත්ගම වූ සත්‍ය සිදුවීම ලෝකයෙන් වසන් කොට බෞද්ධයන් ත්‍රස්තවාදී පිරිසක් යැයි මතවාදයක් ඇති කිරීමට කටයුතු කිරීම ගැන අප කනගාටු විය යුතුයි. අද ජනතාව අතර ත්‍රස්වාදයක් පිළිබඳ අනිසි බියක් ඇති කොට තිඛෙන අතර අපි බෞද්ධයෝ හැටියට කිසිම බෞද්ධ සන්නද්ධ ව්‍යාපාරයක් මුස්ලිම් ජනයාට එරෙහි වී නැති බව ප්‍රකාශ කළ යුතුයි. මේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ කැපවීම මත මේ රටේ මුස්ලිම් කාන්තාවන්ට නිදහස් අධ්‍යාපනය ලැබීමට, නිදහස් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාවිය. ඒ සඳහා මේ රටේ කිසිම මුස්ලිම් නායකයෙකු ඉදිරිපත් නොවීය. 70%ක් මුස්ලිම්වරු ජීවත්වන එක රටකවත් ආගමික නිදහස නොමැති අතර ඒ හැම රටකම ත්‍රස්තවාදය ක්‍රියාත්මක වේ. සෑම ජාතිකයෙකුටම සාමකාමීව, සහජීවනයෙන් ජීවත්වීමට මේ රට තරම් අගනා රටක් නොමැති අතර බොරු බියවැද්දීම්වලට බය වී අන්තවාදයේ ගොදුරු බවට පත්නොවන ලෙස අප මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍ය චම්පික රණවක මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

    MAP

    walpala thro Patali 01

    walpala thro Patali 02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya