මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටැන්සානියා විදේශ කටයුතු ඇමැති අමාත්‍ය බැසිල් හමුවේ Featured

    ජූලි 22, 2014
    තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ටැන්සානියා ජනරජයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර වෙළෙඳ සහයෝගිතා අමාත්‍ය බර්නාඩ් කේ. මෙම්බේ (Bernard K. Membe) මහතා ඊයේ (21) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී ද්වීපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ ව සාකච්ඡා කරනු ලැබීය.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ පැවති මෙම හමුවේ දී ටැන්සානියා ජනරජයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර වෙළෙඳ සහයෝගිතා අමාත්‍ය මෙම්බේ මහතා සඳහන් කළේ ත්‍රස්තවාදී යුද්ධයක් අවසන් වී කෙටි කාලයක දී ශ්‍රී ලංකාව සීග්‍ර සංවර්ධනයක් අත්කරගෙන තිබීම සතුටට කරුණක් බවය.  තම රටේ කර්මාත්ත සංවර්ධනයට ශ්‍රී ලංකාවේ දැනුම, අත්දැකිම්, අවශ්‍ය බවත් පොල් කර්මාන්තය සංවර්ධනය ඒ අතර විශේෂ වන බවත් අමාත්‍ය මෙම්බේ මහතා මෙහිදී තවදුරටත් පැවසීය.
     
    අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ දෙරටේ ද්වීපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උපරීම සහයෝගය ලබා දෙන බවයි.
     
    මෙරටට  පැමිණි අමාත්‍ය මෙම්බේ මහතා සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමක් ස්ථාපිත කිරීම වෙනුවෙන් හා දේශපාලන උපදේශනය පිළිබඳ ද්වීපාර්ශ්වික අවබෝධතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම් දෙකකට සහ පොල් සංවර්ධනය හා පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන් වන ගිවිසුමකට ද එළැඹුණි.
     
    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති භාෂ්වර සේනාංක යන මහත්වරු ඇතුඵ පිරිසක් එක්ව සිටියහ.
     
    DB
     
    MP BR ME TANSANIYA FM 1
     
     
    MP BR ME TANSANIYA FM 2
     
    MP BR ME TANSANIYA FM 3
     
    MP BR ME TANSANIYA FM 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya