මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ගාස්තු වැඩිකිරීම ගැන තවම නිශ්චිත තීරණයක් නැහැ

    ජූලි 22, 2014
    එළැඹෙන මාසයේ දී තැපැල් ගාස්තු වැඩි කරන බවට පසුගිය දින යම් පුවත්පතක් මාර්ගයෙන් අනාවරණය කර තිබූ බවත් ඒ පිළිබඳ ව පැහැදිලි තීරණයක් ගෙන නොමැති බවත් තැපැල්පති ඩී.එල්.පී.ආර්. අබේරත්න මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    තැපැල්පතිවරයාගේ ප්‍රකාශයක් ලෙස මෙම පුවත්පතේ තැපැල් ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළ කළ ද එවැනි ප්‍රකාශයක් තමන් විසින් සිදු නොකරන ලද බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පියවර ගැනීමට තමන් කටයුතු කළ බවත් ඒ මහතා පැවසීය.
     
    "තැපැල් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වාර්තාවත් සකස් කොට තිබෙනවා. එය ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගත යුතුයි. ඉන් පසු ගැසට් කිරීමෙන් අනතුරුව තැපැල් ගාස්තු සංශෝධනයක් සිදු කළ හැක්කේ. සියලු ගාස්තු වැඩිකිරීමක් සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකියි". 
     
    තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණහොත් එය සිදු කළ හැකි බව පෙන්වා දුන් ඒ මහතා සමහර ගාස්තු වැඩිවන විට යම් යම් ගාස්තු අඩුවීමට ද ඉඩ ඇති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya