අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වසා දැමුණු සබරගමුව විශ්වවිද්‍යාලය හෙට (21) සිට යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බව සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති චන්දන උඩවත්ත මහතා පැවසීය. ඒ අනුව අද පස්වරුවේ සිට සිසුන්ට නේවාසිකාගාර වෙත පැමිණීමට හැකි බවත් ඒ මහතා පැවසිය. පසුගිය දිනවල පැවැති අයහහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලන අධිකාරීය තීරණය කරනු ලැබීය. DB