මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති කොමිසමට අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි 19,284ක්

    ජූලි 18, 2014


    අතුරුදන් වූවන් සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සහ ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මේ වන විට පැමිණිලි 19,284ක් ලැබී තිබෙන බව අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව පවසයි.


    යාපනය, කිලිනොච්චිය, මුලතිව් හා මඩකළපුව දිස්ති‍්‍රක්ක ආවරණය වන පරිදි කොමිසම මහජන හමු පවත්වා තිබෙන බවද ඒ සියල්ල සාර්ථකව පැවැත්වීමට හැකි වු බවද කොමිසන් සභාව පෙන්වා දෙයි. මුලතිව් දිස්ති‍්‍රක්කයේ පුදුකුඩිඉරිප්පු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ මුහුදුබඩපත්තු ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ජනහමුවල දී පැමිණිලි 129ක් ලැබී තිබෙන අතර පුද්ගලයන් 398ක් ලියාපදිංචි වී තිබේ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අතුරුදන් වීම් හා පැහැර ගැනීම්වලට ලක් වු පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලා සත්‍ය තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විට එහි කටයුතු හොඳින් සිදුවන බවද පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසන් සභාව පෙන්වා දෙයි.

    දැනට පැමිණිලි 19,284ක් ලැබී තිබෙන අතර එයින් පැමිණිලි 14,284ක් මහජනතාවගෙන් ලැබුණු ඒවා වෙයි. ඊට අමතරව ආරක්ෂක අංශවලින් ලැබුණු පැමිණිලි 5,000ක් ද ඊට අයත් වෙයි. මේ අතර කොමිසන් සභාව මේ වන විට පුද්ගලයන් 500ට ආසන්න පිරිසකගෙන් සාක්ෂි ලබා ගෙන තිබේ.

    ECB/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya