මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "කතරගම නගර සංවර්ධන වැඩසටහන"යටතේ සංවර්ධනය කෙරෙන ස්ථාන ඇමැති නිරීක්ෂණයට

    මැයි 04, 2018

    දක්ෂිණ සංවර්ධන වැඩසටහන යටතේ "කතරගම නගර සංවර්ධන වැඩසටහන" මඟින් සංවර්ධනය කිරීමට නියමිත ස්ථාන නිරීක්ෂණය කිරීම අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් පසුගිය දා සිදුකරන ලදී.

    අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (03) උදෑසන කතරගම, ඓතිහාසික වැඩසිටි කන්ද පූජා භූමිය වෙත පැමිණි අතර එහිදී විහාරය සහ වැඩසිටිකන්ද දේවාලය වැඳ පුදාගැනිමටද කටයුතු කෙරිණි. ඉන් අනතුරුව වැඩසිටිකන්ද පූජා භූමියේ නිරීක්ෂණයක නිරතවූ අතර එහිදී පවතින අඩුපාඩු සහ දියුණු කලයුතු අංශ පිළිබඳවද සොයාබැලීමක් සිදු කළේය. ඉන් අනතුරුව ඓතිහාසික වැඩසිටි කන්ද පූජා භූමියේ වාහල්කඩ ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

    කිරිවෙහෙර රජමහා විහාරස්ථානය වෙත පැමිණි අමාත්‍යවරයා කතරගම නගර සංවර්ධන සැලැස්ම පිලිබඳ විශේෂ සාකච්ජාවක් පවත්වනු ලැබිණි. නගර සංවර්ධනයට අදාළ සියලු රාජ්‍ය අංශ එම සාකච්ජාවට කැඳවනු තිබූ අතර රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි මෙම සාකච්ජාව පැවැත්විණි. එහිදී සෙල්ලකතරගම ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම, කිරිවෙහෙර පිවිසුම් දොරටුව සහ රථගාල ඇතුළු තවත් පිවිසුම් දොරටු කිහිපයක් සහ රථගාල්, කසල කළමනාකරණ ව්‍යාපෘතිය, මැණික් ගඟේ පැති බැම්ම සකස් කිරීම යනාදී පූජා භුමිය සම්බන්ධ ස්ථාන රැසක් විධිමත්ව සහ පවත්නා ඓතිහාසික බව සුරැකෙන අයුරින් සංවර්ධනය කිරීම පිළිබඳවද අවදානය යොමුවිණි.

    එසේම කතරගම නගරයේ ක්‍රීඩා පිටි, යෝජිත ස්වයන් රැකියා ප්‍රදේශ, කතරගම නගරයේ රථවාහන ගාල් සහ වෙළඳ සංකීර්ණ, බස් නැවතුම්පොළ, දෙටුගමුව වැව ආශ්‍රිත වැඩසටහන ආදිය පිළිබඳව මෙන්ම විශේෂයෙන්ම කතරගම පූජා භූමියට මෙන්ම කතරගම ජනතාවටද පානීය ජලය ලබාදියහැකි ව්‍යාපෘතියක් පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී සාකච්ජා කරනු ලැබූ අතර පූජා භුමියත් එය කේන්ද්‍ර කරගත් කතරගම ජනතාවගේ ජීවන අතත්වය දියුණු කිරීමටත් අදාළ වැඩසටහන් පිලිබඳවැඩ මෙහිදී වැඩිදුරටත් සාකච්ජා කෙරුණා.

    ඉන් අනතුරුව දක්ෂිණ සංවර්ධන වැඩසටහන යටතේ "කතරගම නගර සංවර්ධන වැඩසටහන" මඟින් සංවර්ධනය කිරීමට නියමිත ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා සවස් කාලයේදී අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාවකටද එක් විය. එම ස්ථානවල පවත්නා ඓතිහාසික බව සුරැකෙන අයුරින් සහ ජනතාවට වඩාත් පහසුවක් සැලසියහැකි අයුරින් සංවර්ධනය කළහැකි ආකාරය විමසා බැලීම මෙහි අරමුණ විය. ඒ අනුව නගරයේ වෙළඳ සැල්, පොළ භූමිය සහ බස් නැවතුම්පොළ ආදිය ක්‍රමවත්ව සංවර්ධනය කලයුතු ආකාරය පිළිබඳව මෙන්ම දෙටුගමුව වැව ආශ්‍රිතව සිදුකරනු ලබන ඇවිදින මංතීරුව සහ උද්‍යානය යන යෝජිත වැඩසටහන් සිදුකල හැකි ආකාරය මෙහිදී සොයා බැලුවා.

    මෙම අවස්ථාවන්ට තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, මොනරාගල දිස්ත්‍රික් ලේකම්වරිය, දක්ෂිණ සංවර්ධන මණ්ඩලයේ සභාපති ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya