මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි නිලධාරීයා ශක්තිමත් කළ යුතුයි -අමාත්‍ය පී. හැරිසන්

    මැයි 04, 2018

    සමෘද්ධිලාභියා ශක්තිමත් කිරීමට නම් සමෘද්ධි නිලධාරීන් ශක්තිමක් කළ යුතු බව සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

    අද (4) සිය අමාත්‍ය ධුරයෙහි වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා, ගමේ සිටින ජනතාවගේ සමෘද්ධිය ළඟා කරවීමට ජනපතිතුමත්, අගමැතිතුමත් මට භාරදී තිබෙනවා. ඒ අරමුණ සාර්ථක කරගැනීමට කරුණු කීහිපයක් සම්පුර්ණ කර ගත යුතුයි. . මෙහිදී සමෘද්ධි ලාභියා ශක්තිමත් කිරීමට, සමෘද්ධි නිලධාරීන් ශක්තිමක් කළ යුතුයි. ඔවුන්ගේ දක්ෂතාවයන් අනුව ඉදිරියට යාමට අවස්ථාව සලසා දිය යුතු යයි පැවසීය.

    සමෘද්ධි නිලධාරීන් මාව යකෙක් විදිහට දකින්න එපා. මමත් ඒ අය යක්කු හැටියට ගණන් ගන්න ලෑස්ති නැහැ. අපි දේශපාලන බේදයකින් තොරව වැඩ කරමු . අපි රජයේ නිලධාරීන් ආණ්ඩුවේ ඇමතිවරුන් හැටියට රටේ ජනතාව ශක්තිමත් කරන්න මගේ උපරිම ශක්තිය යොදා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද තවදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, විජේදාස රාජපක්ෂ, රුවන් විජේවර්ධන,විජිත් විජයමුණි ද සොයිසා, දීලීප් වෙදආරචිචි, වජිර අබේවර්ධන, අමීර්අලී යන මහත්වරු ද එක්වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya