මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැනට වෙළඳපොළෙහි තිබෙන සම්පුර්ණ යොදය සහිත කිරිපිටිවල මිල වෙනසක් නෑ

    මැයි 05, 2018

    කිරිපිටි පැකට් සඳහා නව මිල ගණන් වැඩි වීම අදාළ වනුයේ මැයි මස 5 වන දින සිට නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි සඳහා පමණක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.

    නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේ ය.

    මාධ්‍ය නිවේදනයයි


    2018 මැයි මස 01 වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති ජීවන වියදම් අනුකමිටු රැස්වීමේදී විශේෂයෙන් දේශීය හා ආනයනික කිරිපිටි සම්බන්ධව සාකච්ඡා කරන ලදී. එහිදී දේශීය හා ආනයනික සම්පුර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400  පැකට්ටුවක මිල රු.20 කින්ද කිලෝ 01 කිරිපිටි පැකට්ටුවක මිල රු 50 කින්ද අනෙකුත් ප්‍රමාණයන්ගෙන් යුත් සම්පුර්ණ යොදය සහිත කිරිපිටි පැකට් සඳහා ද සමානුපාතික ලෙස මිල ගණන් වැඩි කිරීමට තීරණය කරන ලදී.

    මෙම නව මිල ගණන් වැඩි වීම අදාළ වනුයේ මැයි මස 5 වන දින සිට නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි සඳහා පමණි. දැනට වෙළඳපොළෙහි තිබෙන සම්පුර්ණ යොදය සහිත කිරිපිටි වල මිල වෙනස් වීමක් කිසිසේත්ම සිදු නොවනු ඇත.

     

    මෙතැනින් බලන්න

    මාධ්‍ය නිවේදනය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya