මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන - ගාල්ලේ පරිසරයට වැඩි ඉඩක් Featured

    මැයි 05, 2018

    පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනේ තුන් අවරුදු සැලැස්ම යටතේ මේ වසර සඳහා ගාල්ල දිස්ත්‍රික්කය තුළ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වේ.

    මේ අනුව තිරසර පාසල් පරිසර සංරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන අතර ජනාධිපති කාර්යාල ප්‍රතිපාදන මත ව්‍යාපෘති 04ක් රුපියල් ල්කෂ 305 ක මුල්‍ය ප්‍රතිපාදන යොදා ක්‍රියාත්මක වේ. යක්කලමුල්ල නබදව ශ්‍රිසුමංගල මහා විද්‍යාලය සඳහා රුපියල් 75105 මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙන අතර නෙළුව මාවිට ආදර්ශ විද්‍යාලයට රුපියල් 92075ක ප්‍රතිපාදන ද ,කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දංගෙදර ජයවර්ධන මහා විද්‍යාලය සඳහා රුපියල් 89425 මුදල් ප්‍රතිපාදන ද තවලම විද්‍යාරාජ ජාතික පාසල සඳහා රුපියල් 98000 ප්‍රතිපාදන ද පරිසර සංරක්ෂණය සඳහා යොදවා ඇති බව දිස්ත්‍රික් සැලුසම් අංශය පසුගිය දා පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි සඳහන් කෙරිනි.

    ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රතිපාදන මත බෝපෙ පෝද්දල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දිය බුබුළ සංරක්ෂණය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. මේ සඳහා අනුමත ඇස්තමේන්තුගත මුදල රුපියල් එක්ලක්ෂ අසු දෙදහසකි. එමෙන්ම නෙළුව දෙල්ලව ඇළ රක්ෂිතයේ හඳුනාගත් ස්ථාන සංරක්ෂණය කිරීම සඳහාද ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන අතර හාර ලක්ෂ දෙදහසක මුදලක් ඒ සඳහා වෙන් කර තිබේ .

    පරිසර සංරක්ෂණ වැඩසටහනේ මේ වසර සඳහා වන ව්‍යාපෘති ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ජනාධිපති ලේකම් කාර්යාල අනුමැතිය සඳහා යොමු කර තිබෙන අතර විවිධ ක්ෂේත්‍ර පථයන් නියෝජනය වන ව්‍යාපෘති මේ යටතේ සිදු කරයි. කසළ කළමණාකරණය ගෙවතු වගා සංවර්ධනය ,ඌන භාවිත පළතුරු වගා ප්‍රචලිත කිරීම, රක්ෂිත ප්‍රදේශ පරිසර සංරක්ෂණය, ඖෂධ පැළ සිටුවීමේ ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya