අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පොලිසියට සෙත්පතා ධර්මදේශනාමය පින්කමක්

    මැයි 05, 2018

    ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන සිවිල් නිලධාරින් හා පොලිස් නිලධාරින් එක්ව පිහිටුවන ලද “සහෘද අපි” යන සාමූහික සංසදයේ සංවිධානයෙන්  සමස්ත පොලිස් නිලධාරින්ට හා ලක් වාසි සැමට සෙත්පතා සුමධුර ධර්මදේශනාවක් මැයි 04 ඊයේ දින ආමර් වීදියේ මුක්තාර් ප්ලාස් ගොඩනැගිල්ලේදි පවත්වන ලදි.

    බම්බලපිටිය, වජිරාරාම විහාරවාසි, පුජ්‍ය මීගොඩ සුඛිත ස්වාමින් වහන්සේ විසින් මෙම ධර්ම දේශනාව පවත්වන ලද අතර පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.

    මෙම අවස්ථාවට විනය හා කල්ක්‍රියා හා නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, රවී පීරිස්, සිවිල් පරිපාලන අධ්‍යක්‍ෂ, වජිර ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරින් මෙන්ම සමස්ත සිවිල් නිලධාරින් විශාල පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya