අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ගුවන් හමුදාපති හරසරින් පිළිගනී Featured

    ජූලි 15, 2014

    ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රහා මහතා ශ‍්‍රී ලංකාවේ දින 04ක සංචාරයක් සඳහා අද (15) උදෑසන බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඉන්දීය ගුවන් හමුදාපතිවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා විසින්  බණ්ඩාරණායක ගුවන් තොටුතොටුපොළේදී පිළිගන්නා ලදී.


    මෙම සංචාරයේදි බත්තරමුල්ල රණ විරු ස්මාරකය, ශ්‍රී ලංකා     ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුර  චීන වරාය, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර ඇතුළු ස්ථාන කිපයක  සංචාරය කිරීමට නියමිතව ඇත.


    මිට අමතරව ඉන්දීය ගුවන් හමුදාපති  එයාර් චීෆ් මාර්ෂල් අරුප් රහා ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ  ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති ඇතුළු ආරක්ෂක අංශයේ උසස් නිලධාරින් පිරිසක් නිල වශයෙන් හමුවීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

    ECB


    indian airfoce1

    indian airfoce2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya