අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් සභාවට අයදුම්පත් කැඳවයි Featured

    ජූලි 15, 2014
    ඌව පළාත් සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරගකරන අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවන බව සෞඛ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    ඒ සඳහා අවශ්‍ය අයදුම්පත් කොළඹ, ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් ජුලි 25දාට පෙර ලබාගත යුතුය.
     
    ඌව පළාත් සභාවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් සියලු දෙනා ද, අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වන අතර නව මුහුණු, වෘත්තීයවේදීන් ඇතුළු කණ්ඩායමක් මැතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ වේ.
     
    අයදුම්පත් කැඳවීමෙන් පසුව මේ මස 28වැනි දින නාමයෝජනා මණ්ඩලය රැස්වීමට නියමිත බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya