අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙදර්ලන්තය යුරෝ මිලියන 125ක මුදලක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සැරසේ

    ජූලි 15, 2014

    ශ්‍රී ලංකා වෙළඳ පොළ තුළ ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට සූදානම් බවද යූරෝ මිලියන 125ක මුදලක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් බවද නෙදර්ලන්ත විදේශ වෙළෙඳ උප අමාත්‍ය සිමොන් ස්මිට්ස් මහතා පවසයි.


    දින හතරක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ස්මිට්ස් මහතා ඊයේ (14) උදෑසන කොළඹ, කිංස්බරි හෝටලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් මේ බව පැවසීය.


    ශ්‍රී ලංකාවේ ආර්ථික උද්ධමනය හා සංවර්ධනය පිළිබඳ අධ්‍යයනයකින් සතුටට පත් අමාත්‍ය සිමොන් ස්මිට්ස් මහතා ඇතුළු දූත පිරිස මෙරට ව්‍යාපාරික ආයෝජන අවස්ථා සොයා පැමිණි බව ඔහු විසින් එහිදී ප්‍රකාශ කරන ලදී.


    ජූලි 01 වෙනිදා නෙදර්ලන්තය, Dutch Good Growth Fund (DGGF) ව්‍යාපෘතිය මඟින්  ශ්‍රී ලංකාව ඇතුළු තවත් සංවර්ධනය වෙමින් පවතින රටවල ව්‍යවසායක අවශ්‍යතා සැපයීම සඳහා යූරෝ මිලියන 125ක මුදලක් වෙන් කළ බවත් ඉදිරි වර්ෂවලදී එම මුදල යූරෝ මිලියන 700 දක්වා නංවමින් විදේශ වෙළඳපොළ ආයෝජනය පුළුල් කිරීමට අදහස් කරන බවත් අමාත්‍ය ස්මිට්ස් මහතා මෙහිදී පවසා සිටියේය.


    Dutch Good Growth Fund (DGGF) යනු සංවර්ධනය වෙමින් පවතින රටවල විවිධ වෙළෙඳ ක්ෂේත්‍රයන්ගේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විකල්ප ආයෝජන හා රක්ෂණ අවස්ථා සපයන ව්‍යාපෘතියකි. දැනට මෙම DGGF ව්‍යාපෘතිය අප්‍රිකාව, ආසයාව, මැදපෙරදිග, නැගෙනහිර යුරෝපය හා ලතින් ඇමරිකාව ඇතුළු රටවල් 66ක ක්‍රියාත්මක වේ.


    ලෝකය පුරා ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගනිමින් සිටින නෙදර්ලන්තය ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ ලන්දේසි ව්‍යාපාරික ආයතනයන් මඟින් ජලය, සෞඛ්‍ය, හා කෘෂිකාර්මික යන වෙළෙඳ ක්ෂේත්‍රයන්හි මුදල් ආයෝජනය කිරීමට සූදානම් යැයි ස්මිට්ස් මහතා තවදුරටත් පවසන ලදී.


    Boskails, Vitens Evides, Enraf Nonius, van der knaap, Eijkelkamp, සහ Rabobank යන ප්‍රමුඛ පෙළේ ලන්දේසි ව්‍යාපාරික ආයතනයන්හි නියෝජිතයින් අමාත්‍ය ස්මිට්ස් මහතා සමඟ පැමිණි දූත පිරිසට ඇතුළත් වන අතර ඔවුන් ලෝකයේ ජලය, සෞඛ්‍ය, කෘෂිකාර්මීක හා උද්‍යාන වගා සහ මූල්‍යමය ක්ෂේත්‍ර තුළ ඉහළ පෙළේ වැජඹෙන ව්‍යාපාරික ආයතනයන්ය.


    මේ වන විට ද නෙදර්ලන්තය ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා රෝහල් 2ක් ගොඩනැගීමට මූල්‍යමය ආධාර සපයා ඇත. එම රෝහල් හම්බන්තොට හා නුවරඑළිය යන නගරවල ඉදිවෙමින් පවතී.


    nedarland  Rabobank Hanමෙරට එළකිරි කර්මාන්තය නගාසිටුවීම සඳහා ඇරඹි ඔස්ට්‍රේලියාවෙන් කිරි එළදෙනුන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ද නෙදර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ මූල්‍යමය ආයතනයක් වන Rabobank විසින් මූල්‍යමය ආධාර සපයා ඇති බව මාධ්‍ය සාකච්ඡාවට එක් වූ Rabobank නියෝජිත හැන් බාට්ල්ඩ් මහතා විසින් ප්‍රකාශ කරන ලදී.


    ලබන 17 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටින ස්මිට්ස් මහතා ඇතුළු දූත පිරිස රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ මෙරට ප්‍රමූඛ ව්‍යාපාරිකයන් හමුවී සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කරති. මෙම සංචාරයෙන් අනතුරුව ලංකාවේ මෙම වෙළෙඳ ක්ෂේත්‍රයන්හි සංවර්ධන ආයෝජන ව්‍යාපෘති ඇරඹීම සඳහා සැලසුම් කිරීම ඔවුන්ගේ අදහස වේ.


    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya