අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාත්මක යෙදවුම් භාවිතයෙන් ඵලදායීත්වය ඉහළ නැංවිය යුතුයි - අමාත්‍ය චම්පික රණවක

    ජූලි 15, 2014

    භාෂා දැනුම හා තොරතුරු ගබඩා කිරීම අද වන විට ප්‍රබල ලෙස ලෝකයේ සිදුවන අතර සෑම මාස 18කට වරක්ම දත්ත ගබඩා වී තිබෙන ප්‍රමාණය දෙගුණ වන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

    රටක තිරසාර සංවර්ධනය උදෙසා ආර්ථීක, සමාජීය, පාරිසරික අංගෝපාංගයන්ගේ සංකලනයන් පමණක්නොව මහජනතාව තුළ කුතුහලය දනවන මනසක් ඇති කිරීමට පෙළඹවීම සහ විද්‍යාත්මක යෙදවුම් භාවිතයතුළින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ ඵලදායීත්වය කාර්යක්ෂමව ඉහළ නැංවීම සිදුකළ යුතු වේ.

     

    මිනිසාගේ සුවිශේෂී නිර්මාණයක් වූ භාෂාව හා සන්නිවේදනය මුල් කාලීනව පැවති භාෂා සන්නිවේදන ක්‍රමවලට වඩා අද වන විට රේඩියෝ තරංග හා පරිගණක තාක්ෂණය භාවිතයෙන් ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත වී තිබේ.

     

    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (15) තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ පැවති, මූලික අධ්‍යයන ආයතනය (IFS) විසින් ආරම්භ කරනු ලැබූ දකුණු ආසියාවේ ප්‍රථම විද්‍යා කෙටි පණිවිඩ සේවාවේ 500 වන කෙටි පණිවිඩය නිකුත් කරමිනි.

     

    1960 දශකයේදී පරිගණක හා සන්නිවේදන තාක්ෂණය එකට එකතුවීමත් සමග මහා සන්නිවේදන විප්ලවයක ආරම්භය සනිටුහන් විය. එහි එක් ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාලය බිහිවු අතර, අද මුළු ලෝකයම එකට සම්බන්ධ කරමින් සන්නිවේදන තාක්ෂණයේ මහා පෙරළියක් සිදු කිරීමට එය සමත් වී තිබේ. යුද්ධයේ අවශ්‍යතාවක් මත බිහිවූ අන්තර්ජාලය හා රේඩියෝ තාක්ෂණය භාවිතය අද සෑම ක්ෂේත්‍රයකම සන්නිවේදන කටයුතු සඳහා යොදා ගැනෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තාක්ෂණික භාවිතාවන් අද හොඳ නරක දෙකටම යොදා ගැනෙන අතර, මූලික අධ්‍යයන ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ මෙම සේවාව විද්‍යා ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා මහඟු සේවාවක් සලසන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. දැනුම වර්ධනය, යහපත් දේ දරුවන්ට ලබාදීම, තාක්ෂණයේ ප්‍රතිලාභ දරු දැරියන්ට ලබාදීම හා ගම නගරය අතර පවතින පරතරය අවම කිරීමට මෙම සේවාව ඔස්සේ ඉඩ සැලසෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

     

    ශ්‍රී ලාංකීය ජනතාව විද්‍යාව කෙරෙහි නැඹුරු කරවීමටත්, ඔවුන් තුළ ඒ පිළිබඳව දැඩි ඇල්මක් ඇතිකරවීමටත්, එදිනෙදා ජීවිතයේදී ඔබ අප සැමට හමුවන සරළ සිද්ධීන් පිටුපස ඇති විද්‍යාත්මක සංසිද්ධීන් පැහැදිලි කරදීමටත්, එම සංසිද්ධීන් පිළිබඳව කුතුහලය හා විචාරාත්මක බුද්ධිය වැඩි දියුණු කිරීමත් අරමුණු කරගනිමින් "විදු නැණ හවුල" කෙටි පණිවිඩ සේවාව ආරම්භ කෙරුණි. විදු නැණ සේවාව ආකාර කිහිපයකින් ජනතාවට සමීප වන අතර විද්‍යා කෙටි පණිවිඩ සේවාව මෙන්ම විද්‍යා විද්‍යුත් තැපැල් සේවාවද නොමිලයේ ලබාදීම විශේෂත්වයකි.

     

    මෙම විද්‍යා කෙටි පණිවිඩ සේවාව සඳහා ලියාපදිංචි වී ඇති සමාජික සාමාජිකාවන් හට සතියේ වැඩකරන දිනයන්හිදී සිත් ගන්නා සුළු විද්‍යාත්මක සංසිද්ධීන් පැහැදිළි කර දෙනු ලබන අතර සෑම සිකුරාදා දිනකම සතියේ විද්‍යා පැනයක්ද එම සාමාජික සාමාජිකාවන්හට ලබාදෙනු ලැබේ. මෙහිදී ඔවුන්ට නිවැරදි පිළිතුරු ලබාදීමට අවස්ථාව සලසා දෙනු ලබන අතර ඔවුන්ගේ පිළිතුරෙහි නිරවද්‍යතාවය මත සෑම සතියකම ජයග්‍රාහකයන් තෝරා ගනු ලැබේ. සෑම සාමාජිකයෙකු හටම සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍ය තුළින් නිවැරදි පිළිතුර ලබාදේ.

     

    පසුගිය වසර දෙකහමාර තුළදී විදු නැණ හවුල වටා එක්රොක් වූ විදු පිපාසයෙන් පෙළෙන්නන්ට දකුණු ආසියාවේ ප්‍රථම විද්‍යා කෙටි පණිවිඩ සේවාව හා සම්බන්ධ වී එහි සාඩම්බර අත්දැකීම විඳගැනීමට හැකියාව ලැබුණු අතර ශ්‍රී ලාංකීය සමාජය තුළ විශිෂ්ට සේවාවක් ඉටුකරනු ලබමින් ජනතාව නවමු මංපෙත් කරා යොමු කරවීමේ තිර අදිටනින් මෙම සේවාව ක්‍රියාත්මක වේ. විදු නැණ සේවාව සඳහා ලියාපදිංචි වීමට, 

    පාසල් සිසුවෙක් නම් - සම්පූර්ණ නම <හිස්තැනක්>ලිපිනය <හිස්තැනක්> පාසල <හිස්තැනක්> භාෂාව ලෙසද
    පාසල් ගුරුභවතෙක් නම් - සම්පූර්ණ නම <හිස්තැනක්> NIC අංකය <හිස්තැනක්> ලිපිනය <හිස්තැනක්>පාසල <හිස්තැනක්> භාෂාව ලෙසද

    වෘත්තීය වේදියෙක් නම් - සම්පූර්ණ නම <හිස්තැනක්> රැකියාව <හිස්තැනක්> NIC අංකය <හිස්තැනක්> ලිපිනය <හිස්තැනක්> භාෂාව ලෙසද

    ටයිප් කර 0777600845 දූරකතන අංකයට SMS කරන්න.

    වැඩි විස්තර සඳහා විදු නැණ හවුල වෙබ් අඩවිය vidunenahawula.sciencerays.com වෙත පිවිසෙන්න.

    MAP

    500 වන කට  02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya