අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලාංකීය වෘත්තිකයන්ට සීෂෙල්ස් රැකියා Featured

    ජූලි 15, 2014
    ශී‍්‍ර ලාංකීය වෘත්තිකයින් රැකියා අවස්ථා සඳහා බඳවා ගැනීමට සීෂෙල් රාජ්‍ය එකඟතාව පළ කොට ඇත.
     
    ඒ අනුව විදේශීය වෘත්තිකයින් බඳවා ගැනීමේ දී ශී‍්‍ර ලාංකිකයින්ට ප‍්‍රමුඛත්වය දීමට තීරණය කර ඇති තිබෙන බව ශී‍්‍ර ලංකාවේ සීෂෙල්ස් රාජ්‍යයේ තානාපති වෙවන් විලියම් මහතා ප‍්‍රකාශ කරයි.
     
    ශී‍්‍ර ලංකා විදේශ සේවා කාර්යාංශයේ දී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා හා ශී‍්‍ර ලංකා සීෂෙල් රාජ්‍යයේ තානාපති අතර පැවැති සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව සඳහන් කොට ඇත.
     
    මෙහිදී ශී‍්‍ර ලාංකිකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ද එරට සංචාරක ක්ෂේත‍්‍රයේ පවතින රැකියා සඳහා මෙරට ශ‍්‍රමිකයින්ට වැඩියෙන් අවස්ථා හිමිවනු ඇතැයි ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා ප‍්‍රකාශ කරයි.
     
    DB/Priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya