අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෘතියික අධ්‍යාපන හා වෘත්තීය පුහුණුව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ඇරඹේ Featured

    ජූලි 15, 2014
    තෘතියික අධ්‍යාපන හා වෘත්තීය පුහුණුව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (GIZ) අද (15) කොළඹ, ගලදාරී හෝටලයේ දී යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
     
    අදට යෙදී ඇති ජාතික නිපුණතා දිනයට සමගාමීව පවත්වන මෙම ජාත්‍යන්තර සමුළුව ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ආධාර ලබාදෙන ජර්මානු ජාත්‍යන්තර සහයෝගීතා සංවිධානය හා එක්ව, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය මඟින් සංවිධානය කර තිබුණි.  
     
    යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතාගේ මඟපෙන්වීම යටතේ, සංවිධානය කරන ලද මෙම සමුළුවට ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, කොරියාවේ ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ඔස්ටේ‍්‍රලියානු රජයේ ජාත්‍යන්තර කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුව යන සංවිධානවල හවුල්කාරීත්වය ලැබී ඇත.
     
    මෙම සමුළුව තුළ දී ශ‍්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව පිළිබඳ ජාතික ගැටලු, සමාජ ඒකාබද්ධතාව, සමස්ත වර්ධනය හා තිරසාර සංවර්ධනය ළඟාකර ගැනීමට අදාළ වන කාරණා ආදීය සාකච්ඡා කෙරේ. මේ සඳහා, ජර්මනිය,  ඔස්ටේ‍්‍රලියාව, කොරියාව, ආසියාතික රටවල් ඇතුළු රටවල් 20ක් පමණ සහභාගි විය. 
     
    ශ‍්‍රී ලංකාවේ ජර්මානු තානාපති, ආචාර්ය Juergen Morhard, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්, බී. විජයරත්න, අතිරේක ලේකම් ඒ.ආර්. දේශප‍්‍රිය, දෙස් විදෙස් නියෝජිතයින් ඇතුළු පන්සියයකට ආසන්න පිරිසක් මෙම සමුළුවට සහභාගී වූහ.
     
    DB
     
    MP DA INTER CONF 1
     
     
    MP DA INTER CONF 2
     
    MP DA INTER CONF 3
     
    MP DA INTER CONF 4
     
    MP DA INTER CONF 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya