අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ හිටපු වැඩ බැලූ වෙනිසියුලා තානාපතිනිය අගමැති හමුවේ Featured

    ජූලි 15, 2014
    ඉන්දියාවේ වෙනිසියුලාවේ තානාපතිනි මෙන්ම, ශ්‍රී ලංකාවේ වෙනිසියුලා තානාපතිනිය ලෙස වැඩ බැලූ මිලෙනා සැන්ටානා රමිරේස් මහත්මිය සිය රාජකාරි නිමවා සිය රටට යාමට පෙර අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මුණ ගැසී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙළ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළාය.
     

    මිලෙනා සැන්ටානා රමිරේස් මහත්මියගේ සේවය අගයා අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, දශක තුනකට වැඩි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති වකවානුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන සිදු කරමින් මානව හිමිකම් උල්ලංඝනය කළත්, කිසිදු බටහිර රටක් ඒවා නැවැත්වීමට හෝ සාමය වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීමට ඉදිරිපත් වුණේ නැහැ.  රජයක් ලෙස වාර ගණනාවක්, ලංකාවේ මෙන්ම, විදේශීය රටවලත් සාම සාකච්ඡා පැවැත්වුවත් ඔවුන් විසින්ම ඒවා උල්ලංඝනය කරමින් ඔවුන් විසින් නැවත නැවතත් යුද්ධයට අවතීර්ණ වූ බවය.  අවසානයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි මග පෙන්වීම මත ත්‍රස්තවාදය නිමා කිරීමට හැකි වූ අතර, අද උතුරු නැගෙනහිර විශාල සංවර්ධන මාවතකට යොමු වී ඇති බව සඳහන් කළේය.‍

    උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට රජය හැම විටම ක්‍රියා කරමින් සිටින බවත් සඳහන් කළේය.  මෙම සාධාරණ පිළිවෙතට විරුද්ධව ඇතැම් බටහිර ජාතීන් විසින් විවිධ කුමන්ත්‍රණ අප රටට එරෙහිව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අවස්ථාවල වෙනිසියුලානු රජය අපට පක්ෂව කටයුතු කිරීම ගැන තානාපතිතුමිය වෙත සිය ප්‍රසාදය පළ කළේය.
     
    මෙහිදී අදහස් දැක්වූ තානාපතිතුමිය; ශ්‍රී ලංකාව සහ වෙනිසියුලාව බෙහෙවින් සමාන බවත්, ශ්‍රී ලාංකීය ජනතාවගේ ආගන්තුක සත්කාර ගැන තමා බෙහෙවින් සතුටු වන බවත්, ශ්‍රී ලංකාවට පමණක් නොව, වෙනිසියුලාවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කෙරෙහි ද ඇතැම් බටහිර ජාතීන් ඇඟිලි ගසමින් සිටින බවත් සඳහන් කළාය.

    කෙසේ වෙතත්, ඉදිරියටත් ශ්‍රී ලංකා රජයට සහාය පළ කිරීමට වෙනිසියුලා රජය සූදානමින් සිටින බවත්, දෙරටේ වෙළඳ කටයුතු වර්ධනය කර ගැනීමට සූදානමින් සිටින බවත් සඳහන් කළාය. මෙම අවස්ථාවට, අග්‍රාමාත්‍ය ලේකම්, එස්. අමරසේකර මහතා ද සහභාගි විය. 
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya