අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට සාමය ගෙන ඒමට කාන්තාවන් එදත් අමිල මෙහෙයක් සිදු කළා Featured

    ජූලි 15, 2014
    දශක තුනක යුද්ධය නිමාකර රටට සාමය රැගෙන ඒමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට විවිධ අයුරින් සහයෝගය දෙමින් එදත් මේ රටේ කාන්තා පරපුර අමිල මෙහෙයක් සිදුකළ බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.
     
    කුමන භාෂාව කතා කළත්, කුමන ආගම ඇදහුවත් යුද්ධය නිසා වැඩියෙන්ම පීඩාවට පත් වූයේ මෙරට කාන්තාවන් බවත්, තමන්ගේ දයාබර පුතා, ආදරණීය සැමියා, සහෝදරයා රට වෙනුවෙන් ජීවිතය පූජා කළ විට  ඒ සියලු දුක් දරාගත්තේ නිවසේ සිටි කාන්තාව බවත් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා  පැවසීය.

    “රට රකින නිල් පවුර - සුරකිමු  මව්බිම” තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට ආසන මට්ටමින් ආරම්භ කර ඇති වැඩසටහන යටතේ ඉකුත් දා කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ පැවති මැදවච්චිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා නියෝජිත සම්මේලනය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    මැදවච්චිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානවල නිලධාරිනියන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු දෙදහස් පන්සියයක් පමණ සහභාගී වූ මෙම සම්මේලනයේ දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසුවේ, “ ජනගහණයෙන් බහුතරයක් වූ මේ රටේ කාන්තාවන් එදා යුද්ධයේ දී තමන්ගේ සැමියා අහිමිව අදත් සුසුම්ලමින් සිටිනවා. නමුත් මව්බිම බේරාගැනීමට  ඒ වීරෝධාර රණ විරුවන් කළ කැප කිරීම එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය එදත් හෑල්ලුවට ලක් කළා. බුද්ධි අංශ වැනි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ වැදගත් අංශ සතුරන්ට පාවා දුන්නා. ඒ තත්ත්වය අදත් එසේමයි.

    එදා ඒ රණවිරුවන් දිවි හිමියෙන් රැකගත් රට අද විවිධ ජාත්‍යන්තර බලවේගවලින් ආරක්ෂා කරගත යුතුව තිබෙන නිසා ඒ පිළිබඳව විශේෂයෙන් කාන්තාවන් දැනුවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. එහි එක් වැඩසටහනක් ලෙස මේ අයුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තාවන් දැනුවත් කිරීම සාර්ථකව සිදුකරමින් සිටිනවා.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට එදා යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා සෑම මැතිවරණයකදීම කාන්තාවන් බහුතරයකගේ ආශිර්වාදය ලැබුණා. මව්බිම බේරාගැනීමට කාන්තාව අතීතයේ සිට මේ දක්වා අසමසම කැපකිරීම් සිදුකර තිබෙනවා. ඕනෑම කාන්තාවකට ගරු කිරීම තම මවට ගරු කිරීමක් හා සමානයි.

     රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මේ රටේ වැඩියෙන්ම වෙහෙසෙන්නේ කාන්තාවයි. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අපමණ දුක් කරදර විඳිමින් කාන්තාව මේ රට නැංවීමට අමිල සේවයක් සිදුකරනවා.
     
    ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ අනෙකුත් පක්ෂවලට සෙවණ දෙන සුවිසල් වෘක්ෂයක් වගෙයි. ඒ සෙවණේ හැදී වැඩී පෝෂණය වූ බොහෝ පක්ෂ අද මේ රටේ ජාතික දේශපාලනය තුළ දක්නට තිබෙනවා”.

    මෙහි දී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, “ යුද්ධය පැවති සමයේ බටහිර රටවල් කළේ මේ රටේ  දේශපාලඥයන්, මාධ්‍යවේදීන් වැනි ජනමතයට බලපෑම් කළහැකි පිරිස් පිටරටවලට කැඳවා ඔවුන්ගේ මනස වෙනස් කර කොටින්ට මේ රටෙන් කොටසක් ලබාදීම සාධාරණීයකරණය කිරීමයි. භූමිය ඉල්ලා සටන් වදින සෑම රටකම සටන් වදින ත්‍රස්තවාදී කණඩායමට විවිධ අයුරින් උදව් උපකාර කරමින් පටු අරමුණු ජයගන්න බටහිර රටවල් එදත් කටයුතු කළා. අදත් එය එසේමයි. යුද්ධය නිසා දකුණේ කාන්තාවන්ගේ ඇස්වලින් ගලා ගිය කඳුළු ගංඟා, දුක් අදෝනා එදත් බටහිර රටවල්වලට පෙනුණේ නැහැ.
    ගමයි නගරයයි එක්කළ සංවර්ධනයේ පාලම ඉදිකිරීම මේ රජයට හැකි වුණේ එදා මාවිල්ආරු සොරොව්ව විවෘත කර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ අභීත නායකත්වයෙන් යුද්ධය යුද්ධයක් ලෙස කළ නිසයි.      
     
    අද ඇමරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල නායකයෝ මැතිවරණවල දී කොටින්ගේ ඡන්දය අපේක්ෂාවෙන් අපට විවිධ අසත්‍ය චෝදනා නඟමින් සිටිනවා. එදා ප්‍රභාකරන් ඉදිරියේ දණ ගසා ගිවිසුම් අත්සන් කර මේ රට පාවාදුන් විපක්ෂය  බලයට පත් කළොත් නැවතත් මේ රට ප්‍රභාකරන්ගේ අනුගාමිකයන්ට අයිති වෙනවා. ඒ නිසා මේ රටේ බුද්ධිමත් කාන්තාව කළ යුත්තේ බටහිරට ආවඩන රූකඩ නායකයන් බිහිකිරීම නොව සත්‍ය වශයෙන්ම මව්බිමට ආදරය කරන සැබෑ නායකයන් බිහි කිරීමට ආශිර්වාදය, ශක්තිය ලබාදීමයි.”
    බන්ධනාගාර හා පුනරුත්තාපන නියෝජ්‍ය අමාත්‍ය එස්.සී. මුතුකුමාරණ, උතුරුමැද පළාත් සභා මන්ත්‍රිනී කල්යානි කරල්ලියද්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාන්තා සංවිධානයේ ප්‍රධාන ලේකම් අශෝකා ලංකා තිලක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාරතුංග, මහාචාර්ය ටී.ජී. කුලතුංග යන මහත්ම මහත්මීහු ද මෙහි දී අදහස් දැක්වූහ.

     මේ අවස්ථාවට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.එච්. නන්දසේන, මැදවච්චිය, පදවිය, රඹෑව සහ කැබිතිගොල්ලෑව යන ප්‍රාදේශීය සභාවල සභාපතිවරු, උපසභාපතිවරු සහ සභිකයන් ඇතුළු මැදවච්චිය ආසනයේ කාන්තා ක්‍රියාකාරීනීන් විශාල පිරිසක් සහභාගී වූහ.

    ECB
     
    thissakaraliyadda-2


    thissakaraliyadda-3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya