මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියතලාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ජනාධිපති වර්ණ ප‍්‍රදානෝත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන්

    අප්‍රේල් 03, 2018

    නිල් අහස පුරා වසර 67 ක් මුළුල්ලේ කළා වූ මෙහෙවර ඇගයීමට ලක් කරමින් දියතලාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ජනාධිපති වර්ණ ප‍්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරුවේ අභිමානවත් අයුරින් පැවැත්විණි.

    දියතලාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල වෙත ගිය ජනාධිපතිතුමා එහි අණදෙන නිලධාරි එයාර් කමාන්ඩර් ඩබ්ලිව්. ඊ. පී. ඩී. ප‍්‍රනාන්දු මහතා විසින් ගෞරවයෙන් පිළිගනු ලැබීය.

    දියතලාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ නිලධාරින් හා සෙසු නිලයන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් තම ජවයෙන්, ශක්තියෙන්, දැනුමෙන් හා නිර්මාණශීලිත්වයෙන් ශ‍්‍රී ලංකා මාතාවටත්, තම ජාතියටත් ඉටුකරන්නා වු මෙහෙවර වෙනුවෙන් මෙහිදී ජනාධිපති වර්ණයෙන් පිදුම් ලැබූහ.

    වර්ණ ධජය මෙහිදී ජනාධිපතිතුමා අතින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු පාසල වෙත පිරිනැමිණි.

    මෙම සුවිශේෂී අවස්ථාවේ වර්ණ පෙළපාළිය වෙත ගුවනේ සිට තම ආචාර, සමාචාර පුද කරමින් බෙල් 212 හා බෙල් 412 වර්ගයේ ගුවන් යානා ති‍්‍රත්වය ද සරඹ පිටියට ඉහළින් අභිමානයෙන් පියාසර කෙරිණි.

    මෙම අභිමානවත් අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වසර 67 කාල පරාසයක් මුළුල්ලේ මව්බිමේ ස්වෛරිත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරනු වස් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඉටුකළ විශිෂ්ට මෙහෙවර ඇගයීමට ලක් කළේය.

    එමෙන්ම රට වෙනුවෙන් ජීවිත පුදකළ සහ ආබාධිත වූ රණවිරුවන්ටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් කෘතවේදීත්වය පිරිනැමීමට ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළ අතර, පසුගිය සමයේ ඇතිවූ ස්වාභාවික ව්‍යසනයන් හමුවේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය ද ඇගයීමට ලක් කළේය.

    ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ඉදිරි වැඩිදියුණුව වෙනුවෙන් මෙන්ම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ට වෘත්තීය නිපුනත්වයෙන් සහ තාක්ෂණික දැනුමෙන් ඉදිරියට යාමට අවශ්‍ය සියලු පහසුකම් සළසන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේ්ෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya