මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරුගම්බේ සාමබෝධි විහාරස්ථාන චෛත්‍යයේ නිදන් වස්තු තැන්පත් කෙරේ Featured

    ජූලි 15, 2014

    ආරුගම්බේ කඳවුර ඉදිරිපිට පිහිටි විශේෂ කාර්ය බලකාය මඟින් පවත්වාගෙන යනු ලබන සාමබෝධි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලබන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ නිදන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය ඇසළ පුන් පොහෝ දින උදෑසන 05.05ට යෙදුණ සුබ මොහොතින් විශේෂ කාර්ය බලකායේ වත්මන් අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    දශක 03ක් පුරා පැවති කුරිරු යුද්ධයෙන් පීඩාවට පත් වූ නැගෙනහිර පළාතේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අතර ආගමික සහයෝගිතාව ඇති කිරීමේ අරමුණින් හා එම යුද්ධයේදී රට දැය වෙනුවෙන් දිවි පිදූ විශේෂ කාර්ය බලකායේ රණ විරුවන් අනුස්මරණය කිරීම සඳහා කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ සිවුරුළුමුල්ලේ ධම්මසිරි නාහිමියන්ගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍යව සිටි වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මීට ප්‍රථම මේ පුද බිමෙහි පිහිටි බෝධීන් වහන්සේ අභියස ඉදිකළ විහාර මන්දිරයෙහි රන්මුවා බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරන ලදී. මෙම පුදබිමට අඩුපාඩුවක්ව පැවති චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් විශේෂ කාර්ය බලකාය මඟින් මේ වන විට ආරම්භ කර තිබේ.

    විශේෂ කාර්ය බලකායේ රාජකාරි කරනු ලබන සියලු ම නිලධාරීන්ගේ ධන පරිත්‍යාගයෙන් සහ ශ්‍රම දායකත්වයෙන් හා රාජ්‍ය අනුග්‍රහය ඇති ව මෙහි වැඩ නිමවෙමින් පවතී. මෙම චෛත්‍යයෙහි නිදන් වස්තු තැන්පත් කිරීම දිවයින පුරා පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරුවල නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ද සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

     

    මෙහි ආගමික කටයුතු කඩවත බියන්විල ශ්‍රී සෝමවර්ධනාරාම විහාරාධිපති ගෝනහේනේ විමලානන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු කළහ.

     

    විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය අණදෙන නිලධාරී (පොතුවිල්) සහකාර පොලිස් අධිකාරී එච්.ඒ.වී. දිසානායක සහ ප්‍රාදේශීය අණදෙන නිලධාරී (මහඔය) සහකාර පොලිස් අධිකාරී ධම්මික නෙත්තසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya