මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳව බලවත් උද්‍යෝගයක් ඇති වුණා- නෙදර්ලන්ත විදේශ වෙළෙඳ උප අමාත්‍ය Featured

    ජූලි 14, 2014

    මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය හා වත්මන් සංවර්ධනය පිළිබඳව ඇති වූ බලවත් උද්‍යෝගය හේතු වූ බව නෙදර්ලන්ත විදේශ වෙළෙඳ උප අමාත්‍ය සිමොන් ස්මිට්ස් අද (14) උදෑසන කොළඹ, කිංස්බරි හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.  


    ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ අධ්‍යයනයකින් පසු අමාත්‍ය සිමොන් ස්මිට්ස් මහතා ඇතුළු එරට ව්‍යාපාරික දූත පිරිසක් මෙරට ව්‍යාපාරික ආයෝජන අවස්ථා සොයා දින 04ක සංචාරයක් සඳහා අද උදෑසන ශ්‍රී ලංකාවට ළඟා වූහ.


    මෑත කාලයේ නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයා වන සිමොන් ස්මිට්ස් මහතා ශ්‍රී ලංකාවේ ශීඝ‍්‍රයෙන් සංවර්ධනය වන ආර්ථික වෙළඳපොළ පිළිබඳව බලවත් පැහැදීම නිසා එරට ව්‍යාපාරිකයින් ආයෝජන අවස්ථාවන්ට මෙරට වෙළඳ පොළේ ඉඩ ප්‍රස්ථාව සොයන බව පැවසීය.

     

    Nederland Foreign Tread Minister


    Boskails, Vitens Evides, Enraf Nonius, van der knaap, Eijkelkamp, සහ Rabobank යන ප්‍රමුඛ පෙළේ ලන්දේසි ව්‍යාපාරික ආයතනයන්හි නියෝජිතයින් නියෝජ්‍ය විදේශ වෙළෙඳ අමාත්‍ය සිමොන් ස්මිට්ස් මහතා සමඟ පැමිණි දූත පිරිසට ඇතුළත් වන අතර ඔවුන්ගේ මූලික ඉලක්කය මෙරට ජලය, සෞඛ්‍ය, කෘෂිකාර්මික හා උද්‍යාන වගා යන වෙළෙඳ ක්ෂේත්‍රයන් ය.


    නෙදර්ලන්තයේ Dutch Good Growth Fund (DGGF) ව්‍යාපෘතිය මඟින් විදේශ වෙළඳ පොළ ආයෝජනය කිරීම සඳහා මූල්‍යමය ආධාර සපයන අතර මෙමඟින් ශ්‍රී ලංකාවේ ජලය, සෞඛ්‍ය, කෘෂිකාර්මීක හා උද්‍යාන වගා යන වෙළෙඳ ක්ෂේත්‍රයන්ගේ විවිධ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම මෙම ලන්දේසි ව්‍යාපාරික ආයතනයන්හි නියෝජිතයින්ගේ අරමුණයි. Dutch Good Growth Fund (DGGF) යනු සංවර්ධනය වෙමින් පවතින රටවල විවිධ වෙළෙඳ ක්ෂේත්‍රයන්ගේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විකල්ප ආයෝජන හා රක්ෂණ අවස්ථා සපයන ව්‍යාපෘතියකි. දැනට මෙම DGGF ව්‍යාපෘතිය අප්‍රිකාව, ආසයාව, මැදපෙරදිග, නැගෙනහිර යුරෝපය හා ලතින් ඇමරිකාව ඇතුළු රටවල් 66ක ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේද මෙම ව්‍යාපෘතිය ලන්දේසි ව්‍යාපාරික ආයතනයන් මඟින් ජලය, සෞඛ්‍ය, හා කෘෂිකාර්මීක යන වෙළෙඳ ක්ෂේත්‍රයන්හි ආයෝජනයට ඔවුන් බලාපොරොත්තු වේ.


    ලබන 17 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටින ස්මිට්ස් මහතා ඇතුළු දූත පිරි රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ මෙරට ප්‍රමූඛ ව්‍යාපාරිකයන් හමුවී සාකච්ඡා කිරීමට ද ඔහු අපේක්ෂා කරයි. මෙම සංචාරයෙන් අනතුරුව ලංකාවේ මෙම වෙළෙඳ ක්ෂේත්‍රයන්හි සංවර්ධන ආයෝජන ව්‍යාපෘති ඇරඹීම සඳහා සැලසුම් කිරීම ඔවුන්ගේ අදහස වේ.


    නෙදර්ලන්ත තානාපති Louis W.M. Piet මහතා ඇතුළු නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    SDF/pics: DGI_yamuni

    Nederland Foreign Tread Minister 140714

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya