මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක ලේකම් ඇඹිලිපිටිය නව වෙළෙඳ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක Featured

    ජූලි 15, 2014
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (14) ඇඹිලිපිටිය නවනගරයේ ඉදිකරමින් පවතින වෙළෙඳපොළ සංකීර්ණයේ නිරීක්ෂන චාරිකාවක නිරත විය.
     
    ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්මකට අනුව මෙම වෙළෙඳපොළ සංකීර්ණයේ වැඩකටයුතු සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙනි. මේ සඳහා රුපියල් මිලියන 150 ක පමණ මුදලක් වැය කරනු ලබන අතර මෙහි වැඩ කටයුතු සඳහා ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු නිලධාරීන් 3 දෙනෙකුගේ හා භටයින් 200 දෙනෙකුගේ ශ්‍රම දායකත්වය ලබාදී ඇත.
     
    බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස ඉදි කරනු ලබන මෙම වෙළෙඳපොළ සංකීර්ණය රැස්වීම් පැවැත්විය හැකි වේදිකාවකින් ද සමන්විත වන අතර මෙහි වෙළෙඳුන් 668ක් සඳහා පහසුකම් සලසා ඇත. සනීපාරක්ෂක කටයුතු සහ වැසිකිලි පහසුකම් සඳහා වෙනම ගොඩනැගිල්ලකින් හා ආපන ශාලාව සඳහා වෙනම ගොඩනැගිල්ලකින් සමන්විත මෙම වෙළෙඳ සංකීර්ණය තට්ටු 2 ගොඩනැගිලි 4 කින් සමන්විත වන අතර එම ගොඩනැගිලි 04 වෙළෙඳ කුටි 64 කින් සමන්විත වේ.
     
    ඇඹිලිපිටිය නගරයේ සිට කි.මි. 1 ක පමණ දුරින් වූ අක්කර 2ක පමණ භූමි භාගයක ඉදිකරනු ලබන මෙම නව වෙළෙඳපොළ සංකීර්ණය ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටා ඇති අතර ඉදිරියේදී මෙම වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව ඇඹිලිපිටියේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට මෙම ප්‍රදේශය පත්වනු ඇත.
     
    මෙම ව්‍යාපෘතිය 2013 වසරේ මැයි මාසයේ ආරම්භ කරන ලද අතර 2014 අගෝස්තු මස වන විට අවසන් කිරීමට නියමිතය. මෙය නිම කිරීමෙන් අනතුරුව මීට යාබදව පිහිටා ඇති ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයේ ඇති අඩුපාඩුද පිළිසකර කරන ලෙසට මෙහිදි ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදෙන ලදී.
     
    මෙම නිරික්ෂණ චාරිකාව සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ කේ.ඩී.ඒ. චන්ද්‍රදාස, නගරාධිපති වේවැල්දූවේ ඥානප්‍රභා හිමි, ගුවන් හමුදාවේ මාණ්ඩලික නිලධාරි ගගන බුලත්සිංහල, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් සහ ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරිහුද සහභාගි වූහ.
     
    DB / mod
     
    20140714 05p3
     
     
    20140714 05p7
     
    20140714 05p8
     
    20140714 05p9

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya