මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරියපොළ ප්‍රාදේශීය සභාවට අපද්‍රව්‍ය වර්ගීකරණ ගබඩා මධ්‍යස්ථානයක්

    ජූලි 13, 2014

    පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතියේ හා වාරියපොළ ප‍්‍රාදේශීය සභාවේ මුල්‍ය හා තාක්ෂණික දායකත්වය  යටතේ කොනොත්තේගෙදර අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ‍්‍රයේ ඉදිකරන ලද පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු ප‍්‍රතිචකී‍්‍රකරණය කළ හැකි අපද්‍රව්‍ය වෙන් වෙන්ව ගබඩා කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා සිදු විය.

     

    මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විජයවන්ත ප‍්‍රතාපසිංහ හා වාරියපොළ ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජේ. එම්. ආනන්ද ප්‍රේමතිලක මහතා සමඟ පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ බංදුල සරත් කුමාර යන මහත්වරුන් සහභාගී වූහ.

     

    මෙයට සමගාමීව අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දැනුම්වත් කිරීමේ දේශන ශාලාවක් ඉදිකිරීම සඳහා ද මුල්ගල තැබීම ආරාධිත අමුත්තන්ගේ ප‍්‍රධානත්වයෙන් වැඩබිම් පරිශ‍්‍රයේදී සිදු කෙරිණි.මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විජයවන්ත ප‍්‍රතාපසිංහ මහතා ප‍්‍රකාශ කර සිටියේ, පරිසර ප‍්‍රශ්න ඇතිවීමට හේතු වන්නේ මිනිසාගේ අවිධිමත් ක‍්‍රියාකාරකම් බවයි. මේ නිසා කාලයෙන් කාලයට විවිධ ස්වරූපයෙන් ආපදා, ලෙඩරෝග, වසංගත රට තුළ ව්‍යාප්ත වීම සිදු වන බවත්, කසල කළමනාකරණය මිනිසා තම දෛනික පුරුද්දක් වශයෙන් නිවාස මට්ටමින් ආරම්භ කළ යුතු බවත් අවධාරණය කළේය. එමගින් මිනිසා අනපේක්ෂිතව මුහුණ දෙන ඩෙංගු මැලේරියා වැනි ලෙඩ රෝගවලින් ආරක්ෂාකාරී වීමටත්,පරිසරයේ පවිත‍්‍රතාව සුරැකීමටත් හැකි වන බව හෙතෙම සඳහන් කළේය.

     

    කොනොත්තේගෙදර අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ‍්‍රයේ දී මහජන අයිතියට පත් කළ කසල වෙන් වෙන්ව ගබඩා කිරීමේ පහසුව සපයන ‍මෙම මධ්‍යස්ථානය ප‍්‍රයෝජනයට ගනිමින් ප‍්‍රදේශය තුළ විධිමත් මෙන්ම ඵලදායී අපද්‍රව්‍ය ප‍්‍රතිචකී‍්‍රකරණ වැඩපිළිවෙළක්ක‍්‍රියාත්මක වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද සභාපතිවරයා පැවසීය. 

     

    අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස්  දැනුම්වත් කිරීමේ ආදර්ශ මධ්‍යස්ථානයක් වශයෙන් මෙම මධ්‍යස්ථානය වැඩි දියුණු කිරීමට ද අවශ්‍ය මඟපෙන්වීම පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය හරහා ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම වැඩි දුරටත් පවසා සිටියේය.

     

    මෙම උත්සව අවස්ථාව අමතමින් පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ බන්දුල සරත් කුමාර මහතා පවසා සිටියේ වාරියපොළ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය තුළ දෛනිකව කැලි කසල මෙට්රික් ටොන් 5-6 ප‍්‍රමාණයක් එක්රැස් වීම සිදු වන බවයි. මේවායින් වැඩි ප‍්‍රමාණයක් ප්ලාස්ටික් හා පොලිතින් වැනි ප‍්‍රතිචකී‍්‍රකරණය කළ හැකි ඒවායි.

     

    ඒ සඳහා එම බල ප‍්‍රදේශයට කසල ප්‍රතිචක්‍රීකරණ විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව පවතින බව අප ආයතනය විසින් හඳුනාගත් බවත් අධ්‍යක්ෂවරයා පැවසීය. ලංකාවේ හොඳම ප‍්‍රාදේශීය සභාවක් වශයෙන් නමක් දිනා සිටින වාරියපොළ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක කෙනොත්තේගෙදර අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයට, පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය මගින් ලබා දුන් අපද්‍රව්‍ය වෙන්  වෙන්ව ගබඩා කිරීමේ මධ්‍යස්ථානය නිසා විධිමත් කසල කළමනාකරණයක් කළ හැකි බවත් පැවසීය. මේ අවස්ථාවට වාරියපොළ ප‍්‍රාදේශීය සභාවේ ලේකම් වයි.එම්. සේනානායක මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ පළාත් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ප‍්‍රදේශයේ අවට පාසල්වල පරිසර නියමු දරු දැරියන්, ගුරු මහත්ම මහත්මීන් ඇතුළු ප‍්‍රදේශවාසීහු විශාල
    පිරිසක් සහභාගී වුහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya