මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය පුහුණු අධිකාරිය හා නේචර්ස් සීක්‍රට්ස් ආයතනය ගිවිසුම් ගත වේ

    ජූලි 11, 2014
    රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ පුහුණු කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ නේචර්ස් සීක්‍රට්ස් ආයතනය අද (11) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබීය.
     
    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවෙන් එහි සභාපති කර්නල් දර්ශන රත්නායක මහතා ද නේචර්ස් සීක්‍රට්ස් ආයතනය වෙනුවෙන් එහි කළමනාකරණ අධ්‍යක්ෂ සමන්ත කුමාරසිංහ මහතා ගිවිසුම සඳහා අත්සන් කළේය.
     
    මේ අනුව ශිල්පීය කුසලතා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පුහුණු ද්‍රව්‍ය ප්‍රදානය කිරීම හා පුහුණු උපදේශකවරුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරේ. මෙවර නේචර්ස් සීක්‍රට්ස් ආයතනය වෘත්තීය පුහුණු අධිකාරිය හා ගිවිසුම් ගත වන්නේ 10 වැනි වරටය. මෙම සද්ක්‍රියාව එම ආයතනය විසින් වසරක් පාසා සිදුකරනු ලබයි.
     
    ලාංකේය තරුණ තරුණියන් වෘත්තීය කුසලතාවයෙන් පොහොසත් කොට ආර්ථිකයට දායාද කිරීමේ කාර්යයට තම ආයතනයට සම්බන්ධවීමට ලැබීම ඉතා භාග්‍යයක් බව පෙන්වා දෙන නේචර්ස් සීක්‍රට්ස් ආයතනයේ අධ්‍යක්ෂ කුමාර මහතා මේ යටතේ දිවයින පුරා පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීමට ලැබීම සතුටට කරුණක් බවද පෙන්වාදුන්නේය.
     
    තරුණ ශ්‍රමය ජාතික ආර්ථිකයට එකතුවෙන්න දරන උත්සාහයට උදව් කිරීම සම්බන්ධයෙන් මෙහිදී වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති කර්නල් දර්ශන රත්නායක මහතා නේචර්ස් සීක්‍රට්ස් ආයතනයට සිය ස්තූතිය පුද කළේය.
     
    2013 වසරේ සිට එම ආයතනය උපදේශකවරුන් සඳහා විදේශ පුහුණුව ලබාදීම ද සිදු කරන බවත් ඒ හරහා උපදේශකවරුන්ගේ හැකියාවන් හා දැනුම දියුණු කරගනිමින් දරුවන්ට දැනුම ලබාදීමට හැකිවු බවත් රත්නායක මහතා පෙන්වා දුන්නේය.
     
     2015 වසරේ දී රූපලාවන්‍ය විෂයට සම්බන්ධ පුහුණු පාසල් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් රත්නායක මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
     
    මෙම අවස්ථාවට වෘත්තීය පුහුණු අධිකාරියේ මෙන්ම නේචර්ස් සීක්‍රට්ස් ආයතනයේ ප්‍රධානීන් සහ පුහුණුලාභීහු පිරිසක් එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya