අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය යළිත් ජී.ඒ. චන්ද්‍රසිරිට Featured

    ජූලි 11, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා යළිත් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පත් කර තිබේ.

     

    අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී චන්ද්‍රසිරි මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද එක් ව සිටියේය.


    2009 ජූලි මාසයේ දී උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පළමුවරට පත් වූ චන්ද්‍රසිරි මහතාගේ දෙවන ධුර කාලය හෙට (12) සිට වසර 5ක් ඉදිරියට බල පැවැත්වේ.


    ජී.ඒ. චන්ද්‍රසිරි මහතා යාපනයේ ත්‍රිවිධ හමුදා ආඥාපති ලෙස කටයුතු කරන සමයේ මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලට පහරදී කොටි ත්‍රස්තවාදීන් ඒ 9 මාර්ගය වසා දැමීමට කටයුතු කරන ලද අතර යාපනය ආරක්ෂා කර ගනිමින් එහි ජනතාගේ ජනජීවිතය යහපත් ව පවත්වාගෙන යාම සඳහා විශාල මෙහෙවරක් චන්ද්‍රසිරි මහතා ඉටු කළේය.


    අනතුරු ව මානුෂීය මෙහෙයුම ආරම්භ වී දමිළ ජනතාව ලක්ෂ තුනකට ආසන්න පිරිසක් අවතැන්වූවන් ලෙස වවුනියාවට පැමිණි සමයේ චන්ද්‍රසිරි මහතා සහන ගම්මාන පිළිබඳ නිසි බලධාරීවරයා ලෙස ද කටයුතු කළේය.


    එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කර රටට සාමය උදාවූ අවස්ථාවේ උතුරු පළාත් සභාව පිහිටුවා නොතිබූ කාලසීමාවේ සිට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් උතුරු පළාතේ සියලු ම රජයේ සංවර්ධන කටයුතු මෙහෙයවීමේ වගකීම ඉටුකරමින් චන්ද්‍රසිරි මහතා කටයුතු කළේය.


    යාපනයේ ආරක්ෂක හමුදා අණදෙන නිලධාරියා වශයෙන් අවුරුදු තුනක ආදර්ශවත් සේවයක් සිදු කළ මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා යුද හමුදාවෙන් විශ්‍රාම යනවිට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සේවය කරමින් සිටියේය.


    HC/Pix by: Sudath Silva

    GA Chandrasiri who was the Governor for Northern Province has been reappointed

     

    GA Chandrasiri who was the Governor for Northern Province has been reappointed

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya