අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාමසාන් සමයට මහජන බැංකුවෙන් සුවිශේෂී ණය පහසුකම් Featured

    ජූලි 09, 2014

    රාමසාන් උත්සවය සමරනු ලබන මහජන බැංකු ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් මහජන බැංකුව සුවිශේෂී ණය පහසුකමක් හඳුන්වා දී ඇත.

    රජයේ හෝ පෞද්ගලික අංශයේ ස්ථීර සේවකයින් වෙනුවෙන් හඳුන්වා දී ඇති මේ තුළින් රුපියල් 100,000ක් දක්වා 14%ක පොලී අනුපාතිකයක් මත ණය පහසුකම් ලබාගත හැක.

    මෙම ණය පහසුකම මාස 12ක නැවත ගෙවීමේ පදනම මත ලබා ගත හැකි අතර, රුපියල් 100,000ක මුදලක් සඳහා ගෙවිය යුතු මාසික වාරිකය රුපියල් 8,978.71කි. එක් ඇපකරුවෙකු මත ණය මුදල් නිකුත් කරයි. මෙම ණය පහසුකම අගෝස්තු මස 15වනදා දක්වා ක්‍රියාත්මක වේ.

    මේ සඳහා සුදුසුකම් සපුරන අයට ළඟම පිහිටි මහජන බැංකු ශාඛාවට පැමිණ මෙම සුවිශේෂී දීමනාව ලබාගන්නා මෙන් මහජන බැංකුව වැඩිදුරටත් ඉල්ලා සිටී.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya