අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මදුරු මර්දනයේදී ජනතා උනන්දුව සහ කැපවීම අවම මට්ටමක Featured

    ජූලි 09, 2014

    ඩෙංගු රෝගය පිළිබඳව සියලු තොරතුරු මහජනතාව දැන සිටිය ද මර්දනය සඳහා ඔවුන් තුළ ඇති උනන්දුව සහ කැපවීම අවම බවත් ඇතැම් නිවාසවල මදුරුවන් බෝ විය හැකි ස්ථාන බහුල වශයෙන් තිබී ඇති අතර ඔවුන්ට දැඩි අවවාද කරනු ලැබූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පී.ජී. මහීපාල මහතා පවසයි.

    ඊයේ (08) ආරම්භ කරන ලද බස්නාහිර පළාතේ ඩෙංගු මදුරු මර්දන විශේෂ වැඩසටහනේ තුන්වන අදියර යටතේ නිවාස හා පරිශ‍්‍ර 35,150ක් පරීක්ෂාවට ලක් කර තිබේ.

    කොළඹ මහ නගර සභා බල ප‍්‍රදේශය තුළ නිවාස හා පරිශ‍්‍ර 493ක් ද කොළඹ දිස්ත‍්‍රික්කයේ ඩෙංගු අධි අවදානම් ප‍්‍රදේශවල නිවාස හා පරිශ‍්‍ර 13,520ක් ද ගම්පහ දිස්ත‍්‍රික්කයේ නිවාස හා පරිශ‍්‍ර 7688 ක් හා කළුතර දිස්ත‍්‍රික්කයේ නිවාස හා පරිශ‍්‍ර 4399ක් ද මෙයට අයත් වේ.

    මෙම මදුරු මර්දන විශේෂ වැඩසටහනේ පළමු දිනය තුළ කොළඹ, ගම්පහ හා කළුතර යන දිස්ත‍්‍රික්කවල මදුරු මර්දන වැඩසටහන් ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක වී යැයි ද මහීපාල මහතා කීය. 


    ඒ අනුව, ඊයේ දිනය තුළ මෙම පරීක්ෂා කිරීම්වල දී ඩෙංගු මදුරු කීටයන් සහිත නිවාස හා පරිශ‍්‍ර 751ක් හඳුනා ගෙන ඇති අතර ඔවුන්ට විරුද්ධව නීත්‍යානුකූල පියවර ගැනීමට තීරණය වී ඇත. එමෙන්ම මෙම පරීක්ෂණවල දී හෙළිදරව් වූ කාරණයක් වනුයේ ඩෙංගු රෝගය පිළිබඳව සියලු තොරතුරු මහජනතාව දැන සිටිය ද මර්දනය සඳහා ඔවුන් තුළ ඇති උනන්දුව සහ කැපවීම අවම බවයි. ඇතැම් නිවාසවල මදුරුවන් බෝ විය හැකි ස්ථාන බහුල වශයෙන් තිබී ඇති අතර ඔවුන්ට දැඩි අවවාද කරනු ලැබූ බව ද මහීපාල මහතා සඳහන් කළේය.

    සෞඛ්‍ය, නාවික, ගුවන්, යුද හමුදා සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සාමාජිකයින් 5000කගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ ඩෙංගු මර්දන තෙවන අදියර සඳහා කණ්ඩායම් 966ක් යොදවනු ලැබීය.

     

    NDH/SK-cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya