අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතරගම පුදබිමේ නව දෙමහල් දාන ශාලාව ජනපති අතින් විවෘත කෙරේ Featured

    ජූලි 10, 2017

    කතරගම ශ්‍රී තෛවයානෛ අම්මාන් දේවස්ථානයේ අලූතින් ඉදිකරන ලද ”අනදානම් මණ්ඩපම්” ශාලාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (09) පෙරවරුවේ විවෘත කෙරිණි.

    පෙරහැර සමයේ කතරගම පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ට දානය පිළිගැන්වීම සඳහා ඉදිකර තිබූ වසර 100 ක් පමණ පැරණි ශාලාව වෙනුවට මෙම නව දෙමහල් ශාලාව ඉදිකර තිඛෙන අතර එකවර බැතිමතුන් දහසකට පමණ දානය පිළිගැන්විය හැකි පහසුකම් සහිතව එය ඉදිකර තිබේ.

    කතරගම ශ්‍රී තෛවයානෛ අම්මාන් දේවස්ථානයේ දායක සභාවේ සහ දානපතීන්ගේ පරිත්‍යාගයෙන් ඉදිකර තිඛෙන මෙම නව ගොඩනැගිල්ල සදහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 18 කි.

    අද පෙරවරුවේ කතරගම පුද බිම වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ඓතිහාසික කිරි වෙහෙර සමිදුන් අභියස ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව දාන ශාලාව විවෘත කරනු ලැබීය.

    කතරගම ශ්‍රී තෛවයානෛ අම්මාන් දේවස්ථානයේ දායක සභාවේ සභාපති අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ද අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya