මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීයව ඖෂධ නිෂ්පාදනයට කර්මාන්ත ශාලා 23ක් Featured

    ජූලි 06, 2017
    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සඳහා දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමට ඖෂධ නිෂ්පාදන සමාගම් 23ක් සමග ගිවිසුම් 33ක් අත්සන් කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එම ඖෂධ නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම් අත්සන් කිරිම 11 දා කොළඹ දී සිදු කිරීමට නියමිතය. 
     
    එම සමාගම්වල හිමිකරුවන් සහ සෞඛ්‍ය, පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. කර්මාන්තකරුවන් මුහුණ දි ඇති ගැටළු මෙහිදී සාකච්ඡා කළ අතර, එම ගැටළුවලට සෞඛ්‍ය අමාත්‍යවරයා විසඳුම් ලබාදෙන ලදි. හොරණ, කළුතර, කොග්ගල සහ මහනුවර යන ප්‍රදේශවල මෙම කර්මාන්ත ශාලා ඉදිකරන අතර, එමගින් රැකියා අවස්ථා 2000 ක් පමණ නිර්මාණය වෙයි. ඇතැම් කර්මාන්ත ශාලා ඉදිකිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇත. 
     
    නව කර්මාන්ත ශාලා මගින් නිෂ්පාදනය කරන ඖෂධ රජයේ රෝහල්වල රෝගී ප්‍රතිකාර සේවා සඳහා ලබාගැනීමට නියමිතය. ඖෂධ ආනයනය කිරිම සඳහා වාර්ෂිකව රජය වැය කරන රුපියල් බිලියන 45 ක මුදල ඉතිරි කර ගැනීමට මෙමගින් හැකියාව ලැඛෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි. 2018 වර්ෂය අවසන් වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වර්ගවලින් සියයට 75 ක් දේශීය නිෂ්පාදනය කිරිමට තම බලාපොරොත්තුව බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිඳුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya