අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම හෙට Featured

    ජූලි 05, 2017
     
    සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රපත්තිය එළිදැක්වීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06)  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරේ.
     
    සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මගින් ආයතන සඳහා වු වඩා විශ්වාසදායී තොරතුරු පද්ධතියක් ඇති කරන අතර සමාජීය වශයෙන් රෝගියා මුල්කරගත් තොරතුරු පද්ධතියක් බිහිකිරීමට අවස්ථාව උදා වේ.
     
    සෞඛ්‍ය අමාත්‍යංශයේ තොරතුරු ඒකකයේ මූලිකත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු ඒකකවල නිලධාරීන්, සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය, අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සියලු පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් මෙම සෞඛ්‍ය තොරතුරු සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගොඩනංවන ලදී.
     
    සෞඛ්‍ය තොරතුරු සඳහා වූ ජාතික ප්‍රතිපත්තියට 2017 ජනවාරි 03දා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya