අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බිලියන 1,000ක ආදායමක්

    ජූනි 30, 2017

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් 2019 වසර වන විට රජයට අවම වශයෙන්  බිලියන 1,000ක ආදායමක් ලබාදීම තම ඉලක්කය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්  ධූරයට පත් වූ ඩී.එම්.එල්. අයිවන් දිසානායක මහතා පැවසීය.

    ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් කැප වී සිය රාජකාරි ඉටු කරන ලෙස අද (30) සිය ධූරයේ නිල රාජකාරී දෙපාර්තමේන්තුවේදී ආරම්භ කරමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

    ඒ අනුව මෙම ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා RAMIS ව්‍යාපෘතිය යටතේ ආයතන 30ක තොරතුරු ජාලගත කර එම ජාලගත ලිපිගොණු සම්බන්ධතා මඟින් බදු නොගෙවන පුද්ගලයින්ගේ තොරතුරු ලබා ගන්නා බවත් ඔවුන් සඳහා දැඩි ක්‍රියාමාර්ග ගනු ලබන බවත් ඒ මහතා පැවසීය.

    එබැවින් මේ වන තෙක් රජයට බදු ගෙවීම සඳහා උනන්දුවක් නොදැක්වූ සියලුම ජනතාව ඉදිරි සති දෙක ඇතුලත ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී  අදාළ බදු ගෙවීමට කටයුතු කරන ලෙස ද දිසානායක මහතා ඉල්ලා සිටියේය.

    එසේම 2020 වන විට බදු පරතරය අවම කිරීම සඳහා යෝජනා වී ඇති ඉලක්කයට අනුව රජය මේ වන විට ආදායම් ලබා ගැනීම සඳහා යොදා ගන්නා සෘජු බදු සහ වක්‍ර බදු ආදායම් ප්‍රතිශතය 80%- 20%  සිට 60%-40% දක්වා අවම කිරීමට උත්සාහ ගන්නා බවත් බදු ගෙවන ජනතාවට වැඩි බරක් නොදී බදු නොගෙවන පුද්ගලයන්ගෙන් බදු ලබා ගැනීම මඟින් මුදල් ලබාගෙන රජයේ ආර්ථිකයට ශක්තියක් කිරීමට තමා ඇප කැප වී කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවේදී මහා සංඝරත්නය සහ කතෝලික පූජකතුමන් දිසානායක මහතාට ආශිර්වාද කළ අතර ආයතනයේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන්, නියෝජ්‍ය කොමසාරිස්වරුන් ඇතුලු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya