අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩොප්ලර් රේඩාර් ජාලයක් වෙනුවෙන් ජපානයෙන් රු. මිලියන 3,422 ක ප්‍රදානයක් Featured

    ජූනි 30, 2017
    ශ්‍රී ලංකාව හා ජපාන රජය අතර පවත්නා දීර්ඝ කාලීන ආර්ථික සහයෝගීතාව හේතුකොට ගෙන වාර්ෂික ප්‍රදානය කරනු ලබන ආධාර යටතේ  ජපාන රජය වෙතින් ජපන් යෙන් මිලියන 2,503 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 3,422 ක) ප්‍රදානයක්, ශ්‍රී ලංකාවේ ඩොප්ලර් රේඩාර් ජාලයක් ස්ථාපනය කිරීම උදෙසා ලබාදීමට ජපාන රජය එකඟතාව පළකර ඇත. 
     
    මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වනුයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන කාලගුණික තොරතුරුවල හා අනාවැකිවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම මගින් ව්‍යසනකාරී කාලගුණික සංසිද්ධීන් නිසා ඇතිවන උපද්‍රවවල අහිතකර බලපෑම් කාර්යක්ෂම ලෙස අවම කර ගැනීමයි.
     
    ඒ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ ඩොප්ලර් කාලගුණික රේඩාර් ජාලය ස්ථාපනය කිරීම සඳහා පුත්තලම සහ පොතුවිල්  යන ස්ථානවල රේඩාර් කුළුණු  ගොඩනැඟිලි ඉදිකිරීමට අපේක්ෂිත අතර, මෙම රේඩාර් ජාලය  C-band ස්පන්ධ සම්පින්ඩිත ඝණ තත්ත්වයේ ද්විධ්‍රැවීය ඩොප්ලර් කාලගුණික විද්‍යා රේඩාර් පද්ධතිය, කාලගුණික විද්‍යා රේඩාර් මධ්‍යම සැකසුම් පද්ධතිය,  කාලගුණික විද්‍යා  රේඩාර් දත්ත විකාශන පද්ධතිය සහ කාලගුණික විද්‍යා දත්ත සන්නිවේදන පද්ධතිය යන අංගයන්ගෙන් සමන්විත වේ. තවදුරටත් මෙම ව්‍යාපෘතිය යටතේ උපද්‍රවකාරී කාලගුණික විද්‍යා සංසිද්ධීන් අධීක්ෂණය කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට තාක්ෂණික පුහුණුවක් ද ලබාදීමට නියමිතය.
     
    මෙම ප්‍රදානය ලබාගැනීම සම්බන්ධයෙන් හුවමාරු පත්‍ර හා ප්‍රදාන ගිවිසුම් අත්සන් කිරීම, ඊයේ (30) දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.  හුවමාරු පත්‍ර අත්සන් කිරීම ජපන් රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා මහතා විසින් ද, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ද, ප්‍රදාන ගිවිසුම් අත්සන් කිරීම ජපාන රජය වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ප්‍රධාන නියෝජිත ෆුසාටෝ ටනාකා මහතා විසින් ද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින් ද සිදුකරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya