අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුමන අභියෝග ආවත් විදුලිබිල වැඩි කරන්නේ නැහැ - විදුලිබල ඇමැති Featured

    ජූනි 30, 2017

    කොපමණ අභියෝග ආවත් විදුලිබිල වැඩි නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ පැවති කෑගල්ල දිස්ත‍්‍රික් පාසල් වොලිබෝල් ශූරතාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා ඊයේ (29) මේ බව සඳහන් කළේය.

    වසර 30 කට පසු අවම වර්ෂාපතනයක් ලැබී තිබෙන බවත් වැසි පැවතියද  ඊසාන දිග මෝසම තවමත් සක‍්‍රීය නොමැති නිසා  මේ වනවිට විදුලිය නිපදවන්න තිබෙන මුළු ජල ප‍්‍රමාණය 48% ක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වෙන වසරවල මේ වන විට 70% ක් ජල විදුලිය නිපදවා තිබුණු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඩීසල් සහ ගල්අගුරු විදුලි නිෂ්පාදනය සිදු කෙරෙන අතර මැයි මාසය වන විට රු. බිලියන 33 ක් වැය කිරීමට සිදු වූ බව ද සඳහන් කළේය .

    තිබෙන සියලු ප්‍රශ්න ද කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර තිබෙන අතර විදුලිබිල වැඩි නොකර කටයුතු කරන ආකාරය පිළිබඳ එහිදී උපදෙස් ලැබුණු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya