අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැණස රූපවාහිනිය නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

    ජූනි 29, 2017

    නව අධ්‍යාපනික වැඩසටහන් රැසක් හඳුන්වා දෙමින් නැණස අධ්‍යාපනික රූපවාහිනී නාලිකාවට නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා සිදු කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    2005 වර්ෂයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස පාසල් 5ක් යොදා ගනිමින් ආරම්භ කළ නැණස අධ්‍යාපනික රූපවාහිනි නාලිකාව මේ වන විට පාසල් 2250 ක් සමග නිල සබඳතාවයන් පවත්වාගනිමින් අධ්‍යාපනික වැඩසටහන් විකාශය කරනු ලබන නිල අධ්‍යාපනික රූපවාහිනි නාලිකාවයි.

    අධ්‍යාපන අමාත්‍යාශය සහ  ඩයලොග් ආසියාටා සමාගම සමග එක්ව ක්‍රියාත්මක කරනු ලබන නැණස අධ්‍යාපනික රූපවාහිනි නාලිකාව මගින් අ.පො.ස.(සා/පෙළ) 10 සහ 11 ශ්‍රේණි සඳහා විද්‍යාව, ගණිතය, සිංහල භාෂාව හා සාහිත්‍යය, ඉංග්‍රීසි, භූගෝල විද්‍යාව, ඉතිහාසය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ව්‍යවසායකත්ව අධ්‍යයනය, ව්‍යාපාර හා ගිණුම්කරණය යන විෂයයන් පිළිබඳ එම විෂය නිර්දේශ ආවරණය වන ලෙස සකසන ලද විනාඩි 30 බැගින් වූ පාඩම් මෙම නාලිකාව ඔස්සේ විකාශනය වේ.

    විෂයානුබද්ධ අතිරේක දැනුම ලබාදෙන වීඩියෝ වැඩසටහන් ද, කාලීන දැනුවත් කිරීම් ද ලබාදෙමින් පාසල් ප්‍රජාව ඉලක්ක කර ගත් අධ්‍යාපනික වැඩසටහන් ඩයලොග් රූපවාහිනි නාලිකා අංක 25 හා 26 ඔස්සේ විකාශය කරනු ලැබේ.

    මෙම නව අවබෝධතා ගිවිසුම  අනුව ඉහත ක්‍රියාත්මක වැඩසටහන් වලට අමතරව 10/11 ශ්‍රේණි සඳහා දෙමළ මාධ්‍ය නාලිකාව ආරම්භ කිරීම, 12/13‍ශ්‍රේණි ඇතුළත් අ.පො.ස.(උ/පෙළ) සඳහා වූ නව නාලිකා ද්විත්වයක් ආරම්භ කිරීම සහ පූර්ණකාලීන අධ්‍යාපනික නාලිකාවක් ලෙස නැණස නාලිකා ශක්තිමත් කිරීම ද ඇතුළත් වේ.


    මෙම නව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ඩයලොග් ආසියාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ මහතා විසින් සිදු කළේය.

    අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා, අතිරේක ලේකම් ආචාර්ය මදුරා වේහැල්ල මහත්මිය ඇතුලු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ ඩයලොග් ආසියාටා ආයතනයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya