අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආ.ක්‍ර.ව්‍යවස්ථාවේ කෙටුම්පතට පෙර වාර්තාවක් පාර්ලිමේන්තුවට

    ජූනි 28, 2017

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී ජනතාවගේ සහ විද්වතුන්ගේ අදහස් අනුව සංවාදාත්මක හොඳ වාර්තාවක් පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයු කමිටුවේ සභාපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සම්මන්ත්‍රණයක්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ අද (28) පැවති අතර එහිදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

     

    අගමැතිවරයා ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම කෙටුම්පත සකස් කිරීමට පෙර ඒ පිළිබඳ වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර ඒ දෙකෙහි වෙනසක් පවතින බව ද වික්‍රමසිංහ මහතා බෞද්ධාගමට පවතින ප්‍රමුඛතාව ඉවත් නොවන බව පෙන්වා දුන් අගමැතිවරයා බලතල බෙදීමේදී රාජ්‍ය බෙදිය නොහැකි බව සියලු දෙනා තීරණය කර තිබෙන බව ද පෙන්වා දුන්නේය.

    මැතිවරණ ක්‍රමය පිළිබඳ, ව්‍යවස්ථාදායක බලය හා අධිකරණ බලය පිළිබඳ සාකච්ඡා කර තීරණය කළ යුතු බවත් විධායක බලතල ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට හිමිව පවතින අතර පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවත් අගමැතිවරයා සඳහන් කළේය.

    මෙහෙයුම් කමිටුව යටතේ අනු කමිටු 6ක් පත් කරගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වාර්තාව සකස් කෙරෙන අතර හොඳ ව්‍යවස්ථාවක් සකස් කිරීම දීර්ඝ ක්‍රියාවලියක් තුළින් සිදු වන බව ද අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya