මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාතේ හෙද විෂමතාවය මඟහැරවීමට වැඩපිළිවෙළක් Featured

    ජූනි 29, 2017
    පුත්තලම මුලික රෝහල ඇතුලු දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය කිරිම හා මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය කිරිම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 
     
    මෙහිදී වයඹ පළාතේ හෙද හෙදියන්ගේ විෂමතාවය පිළිබඳව දිර්ඝ ලෙස සාකචිඡා කෙරුණි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අතිරික්ත හෙද හෙදියන් වහාම පුත්තලම දිස්ත්‍රික්කයේ රෝහල් වෙත අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත නියෝග කරන ලදී. හෙද හෙදියන්ගේ නව පත්වීම්වලින් කොටසක් ද පුත්තලම දිස්ත්‍රික්කයට ලබාදීමට තීරණය විය. වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පවතින රෝහල්වලට නව වෛද්‍ය පත්වීම් ලබාදීමේ දී වෛද්‍යවරුන් ලබාදීමට ද නියමිතය. කුලියාපිටිය මුලික රෝහල ආයෝජන අවස්ථා මත සංවර්ධනය කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පුත්තලම මුලික රෝහලේ නේවාසිකාගාර ගැටළුව විසඳීම සඳහා වෛද්‍යවරුන් සඳහා නව නිවාස සංකීර්ණයක් ද, හෙද නිලධාරින් සඳහා දැනට ඉදිකරන නිල නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට ද මෙහිදී තීරණය කරන ලදි. පුත්තලම මුලික රෝහලේ ශල්‍යාගාර සංකීර්ණයක් ඉදිකිරිමට ද කල්පිටිය දිසා රෝහල, මන්නාරම මහ රෝහල, සිලාවතුර දිසා රෝහල සංවර්ධනය කිරිම පිළිබඳ ව ද සාකච්ඡා කරන ලදි. 
     
    දැනට ඩෙංගු රෝගීන් ඇතුලත් කිරීම සඳහා තාවකාලිකව සංවර්ධනය කරන ලද දංකොටුව රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට ද මෙහිදී තීරණය කරන ලදි. උතුරු පළාතේ රෝහල්වල පවතින වෛද්‍ය පුරප්පාඩු සියල්ල ම කඩිනමින් පිරවීමට පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට මෙහිදී උපදෙස් ලබාදෙන ලදී. 
     
    තව ද ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය හා ඇල්පිටිය මුලික රෝහල් සංවර්ධනය කිරිම සහ මානව සම්පත් ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අමාත්‍යාංශ ලේකම් ජනක සුගතදාස, කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩි බදියුදීන්මාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු රෝහල් බලධාරින් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya