අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ඩෙංගු පාලනයට කඩිනම් වැඩසටහන් Featured

    ජූනි 24, 2017
    කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා කඩිනම් වැඩසටහන් ක්‍රියාත්මක කිරිම අද (24) දින සිට ආරම්භ විය. 
     
    ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලීසියේ සාමාජිකයින් 1000 ක අමතර පිරිසක් මේ සඳහා යොමු කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, පළාත් පාලන අමාත්‍යාංශ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
     
    එම ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඒ පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (24) පෙරවරුවේ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 
     
    එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 හි ග්‍රාම නිලධාරි වසම් 557 ක ඒකක 2600 ක් තුළ මෙම වැඩසටහන ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන මගින් සෑම සිකුරාදා දිනයකම රාජ්‍ය හා පුද්ගලික කාර්යාල පරිශ්‍ර පිරිසිදු කිරිම, සෙනසුරාදා දිනයන් හීදි නිවාස ආශ්‍රීත පරිශ්‍ර පිරිසිදු කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමට නියමිතය. 
     
    කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 න් 14 ක්ම අධිඅවධානම් කළාප ලෙස හදුනාගෙන ඇත. එම නිසා මේ මොහොතේ ඩෙංගු උවදුර ජාතික අවශ්‍යතාවයක් සේ සළකා මහජනතාව කටයුතු කළ යතු බවත්, ඒ සඳහා අවශ්‍ය අන්තර් අමාත්‍යාංශ මැදිහත්වීම සහ රෝගී ජිවිත බේරා ගැනිමේ කාර්යයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ තමන් ඇතුලු සියළු සෞඛ්‍ය සේවකයින් එක්වී සිටින බව ජාතික ඩෙංගු මදුරු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධිකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා පැවැසීය. 
     
    විවිධ පාරිසරික සාධක මත සෑම දිස්ත්‍රික්කයකින්ම ඩෙංගු රෝගීන් වාර්තා වන බැවින් හැකි සෑම අවස්ථාවක දීම මදුරුන් බෝවීමට හැකි ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන්නැයි ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටින ලදි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya