ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ පැවැත්වෙන මෙම සජීවී සංවාදය ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනී සේවය මෙන්ම ටී.වී.දෙරණ, ස්වර්ණවාහිනිය, සියත, සිරස, හිරු හා ටී.එන්.එල් නාලිකාව යන රූපවාහිනී නාලිකාවන් තුළින්ද විකාශය කිරීමට නියමිතය. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඉංජිනේරු මහේෂ් ජයවීර, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා යන මහත්වරුන් ද මෙම සංවාදය සඳහා සහභාගි වෙති.
මෙම සජිවි සංවාදය සඳහා එක් එක් රූපවාහිනි නාලිකාවන්ගෙන් නියෝජිතයකු බැගින් සහභාගි වන අතර එම මාධ්‍යවේදීන්ට මෙම විෂය හා සම්බන්ධ සියලු ගැටලු ජනාධිපතිතුමා වෙත හා සහභාගිවන සෙසු විද්වත් මණ්ඩලය වෙත විවෘතව යොමු කළ හැකිය.
ඒ අනුව, රටේ වඩාත්ම කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති ඩෙංගු රෝගය මැඩපැවැත්වීම හා කසළ කළමනාකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු සියලු කරුණු මෙම විද්වත් පිරිස සමග විවෘත ව සාකච්ඡා කොට ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමට මේ තුළින් අවස්ථාව සැලසෙනු ඇත.