අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක ඉදිරි සංවර්ධනට ඩිජිටල් ලේඛන කළමනාකරණය ඉතා වැදගත්

    ජූනි 22, 2017

    ඩිජිටල් ලේඛන කළමනාකරණය සහ ඩිජිටල් ලේඛනාගාරයක් පිහිටුවීමට අදාළ විශේෂ අන්තර්ජාතික වැඩමුළුව සහ අන්තර්ජාතික ලේඛනාරක්ෂක කවුන්සිලයේ දකුණු බටහිර ආසියානු කලාප ශාඛාවේ විධායක කමිටු රැස්වීම  ඊයේ (21) ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මෙම වැඩමුළුව පවත්වන ලද්දේ, ඩිජිටල් ලේඛන කළමනාකරණය සහ ඩිජිටල් ලේඛනාගාරයක් පිහිටුවීම පිළිබඳ නව දැනුම හුවමාරු කරගැනීම, එක් එක් රටවල්වල ඉතිහාසයට හා සංස්කෘතියට අයත් ලේඛනවල පිටපත් හුවමාරු කරගැනීම, ලේඛනාරක්ෂකවරුන් අතර අනාගත සුහදතාව වර්ධනය කිරීමත් අරමුණු කරගනිමිනි.

     

    මෙහි දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, ඕනෑම රටක ලිඛිත උරුමය සහ ලිඛිත ඉතිහාසය පිළිබඳ පවත්නා වැදගත් ම සාධකය රට තුළ පවත්නා සංරක්ෂිත ලේඛන වන අතර, ඒවායේ අන්තර්ගතය හරහා අදාළ රට අත්පත් කරගන්නා ජයග්‍රහණ සහ අත්දැකීම් පිළිබිඹු වන බවයි.

     

    එමෙන් ම රටක ඉදිරි සංවර්ධන කටයුතුවල දී එම තොරතුරු බෙහෙවින් වැදගත් වන බවත්, සාම්ප්‍රදායික ලේඛනාරක්ෂක ක්‍රමවලට වඩා ඩිජිටල් ලේඛන කළමනාකරණය වඩාත් සාර්ථක වන බවත්, ඒ අනුව වටිනා  ලේඛන සංරක්ෂණය කිරීමේ දී සම්ප්‍රදායික  ක්‍රමවේද වෙනුවට මෙම අවශ්‍යතාව ඉටු කිරීම සඳහා ඉදිරියේ දී බිහිවන  ඩිජිටල් ලේඛනාගාර සමත්වනු ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, නේපාලය, සහ පකිස්තානය රටවල්වල නියෝජිතවරුන් මෙම වැඩමුළුවට සහභාගී වූහ.

    මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ සරෝජා වෙත්තසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya