මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරුවෙකු වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයෙන් නව නිවසක් Featured

    ජූනි 26, 2014

    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් රුපියල් මිලියන 4.5ක වියදමින් ඉදිකරන ලද නව නිවසක් වැලිපිටිය, මිද්දෙනියේ පදිංචි ශ්‍රී ලංකා යුද හමුදාවේ 7 වන සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ඊ.එන්. නිශාන්ත රණ විරුවා වෙත බාරදීම ඊයේ(25) ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


    ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් අප මාතෘ භූමිය නිදහස් කර ගැනීම සඳහා දිවි හිමියෙන් සටන් කළ රණ විරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා නිරන්තරයෙන් විවිධ ව්‍යාපෘතීන්, මෙවැනි ආධාර හා උපකාර කිරීම් දීප ව්‍යාප්තව සිදු කරනු ඇත. මෙයද එසේ සිදු කරන ලද එක් සත්කාර්යයකි. රුදුරු ත්‍රස්තවාදයෙන් අප මාතෘ භූමිය බේරාගැනීම සඳහා සිදු කළ සටනේදී 2008 වර්ෂයේ දී මල්ලාවිල් කුඩ්ඩුක්කායිහිදී සතුරු මෝටාර් ප්‍රහාරයකට ලක්ව කෝප්‍රල් නිශාන්ත රණ විරුවා තුවාල ලැබීය.

    මෙම අවස්ථාව සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී ඉන්දු රත්නායක මහත්මිය, ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් ඇතුළු කෝප්‍රල් නිශාන්ත රණ විරුවාගේ පවුලේ සාමාජිකයන් හා ඥාතීන් ද සහභාගී වූහ.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya