අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕස්ට්‍රේලියාවෙන් පරිත්‍යාග කළ දෙවන Bay boat මුර යාත්‍රාව කොළඹ වරායට Featured

    ජූනි 26, 2014

    ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද දෙවන Bay boat මුර යාත්‍රාව ඊයේ (25) කොළඹ වරාය වෙත පැමිණි බවත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ චාරිත්‍රානුකූලව එම යාත්‍රාව එහිදී පිළිගත් බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසුරිය මහතා ඊයේ කොළඹ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.


    මීටර් 38.2ක දිගින් යුතු මෙම මුර යාත්‍රාව P351 යන නාමයෙන් හඳුන්වා ඇත.

    ඕස්ට්‍රේලියාව වෙත මෙරට සිට නීති විරෝධී ආකාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ නීති විරෝධී සංක්‍රමණිකයන් අත් අඩංගුවට ගැනීමට පසුගිය වසර 05ක කාලයක් තුළ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අනුගමනය කරන ලද ක්‍රියාකලාපය පිළිබඳ ව ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ ඉමහත් ප්‍රශංසාවට ලක් වූහ. එකී කටයුත්ත ඇගයීම වස් ඕස්ට්‍රේලියානු රජය විසින් මෙවැනි මුර යාත්‍රා 02ක් පරිත්‍යාග කරනු ලැබීය. මෙහි පළමු යාත්‍රාව මීට පෙර නාවික හමුදාව වෙත භාර දී ඇත.

    එසේම මානුෂීය මෙහෙයුම අවසන් වූ අවස්ථාවේ සිට මේ දක්වා නාවික හමුදාව විසින් මෙසේ ඕස්ට්‍රේලියාව බලා ගමන් ගත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 4327 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අදාළ අංශ වෙත භාරදී තිබෙන බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya