අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාව හා ඕමානය අතර අවබෝධතා ගිවිසුමක්

    ජූනි 25, 2014
    ශ‍්‍රමය හා පුහුණුවට අදාළ ක්ෂේත‍්‍රයන්හි සහයෝගිතා ප‍්‍රවර්ධනය සහ සංවර්ධනය කිරීම වෙනුවෙන් ශී‍්‍ර ලංකාව සහ  ඕමාන් සුල්තාන් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි. 
     
    මේ අවබෝධතා ගිවිසුමට අස්සන් තැබිම  ඕමානයේ මස්කට් නුවර පිහිටි මිනිස්බල අමාත්‍යංශයේදී සිදු කෙරුණු අතර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන ඇමති ඩිලාන් පෙරේරා සහ  ඕමාන් ආණ්ඩුව වෙනුවෙන් එරට මිනිස්බල ඇමති ෂෙයික් අබ්දුල්ලා අල්බකාරි මහත්වරුන් අත්සන් කළ බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
     
    අදාළ ගිවිසුම මඟින් ශ‍්‍රමය හා පුහුණුව ආශ‍්‍රිත පද්ධති, වැඩසටහන් අධ්‍යයනය සහ තොරතුරු, රැකියා නියුක්ති වර්ධනය කිරීම සිදු කෙරෙන අතර ශ‍්‍රම වෙළෙඳපොළෙහි තරුණ තරුණියන් අනුකලනය කිරීම හා ස්වයංරැකියා සහ පෞද්ගලික මුලපිරීම දිරිමත් කිරීමට අදාළ වැඩසටහන් හුවමාරුවද අයත් වන බව එම කාර්යාංශය කියා සිටී.
     
    මිනිස් බලය නීති විරෝධී අන්දමින් බඳවා ගැනීම සහ මිනිස් ජාවාරම වැළැක්වීම සඳහා තොරතුරු හුවමාරු කර ගැනිම ද මෙම අවබෝධතා ගිවිසුම මඟින් සිදුකිරීම විශේෂත්වයකි. 
     
    තාක්ෂණික, අධ්‍යාපන, වෘත්තීය මෙහෙයුම් පද්ධති හා සේවකයන් සඳහා උපදේශන සංවර්ධනයට අදාළ තොරතුරු විශේෂඥ දැනුම ලබා ගැනීමද මෙමඟින් සිදු කෙරේ.
     
    පුහුණුලාභීන් පිළිබඳ පසුවිපරම් කිරීම හා ප‍්‍රමාණවත් රැකියා සොයා ගැනීමට සහය දැක්වීම ද දෙරට අතර අත්සන් කළ ගිවිසුම මඟින් කි‍්‍රයාත්මක කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya